එජාප සභාපතිගෙන් පාක්ෂිකයින්ට කෙණහිලි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මග නැගුමේ එජාප හිතවාදීන් 145ක් ඉවත් කරයි..? මාර්ග සංවර්ධන අධිකාරියේ 195ක් දොට්ට..! (සුමුදු පෙරේරා) ගිණුම් සහකාර තනතුර ඇතුළු රැකියා සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ…
මග නැගුමේ එජාප හිතවාදීන් 145ක් ඉවත් කරයි..?
මාර්ග සංවර්ධන අධිකාරියේ 195ක් දොට්ට..!
(සුමුදු පෙරේරා)
ගිණුම් සහකාර තනතුර ඇතුළු රැකියා සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමට බඳවා ගත් එක්සත් ජාතික පාක්ෂිකයින් 145ක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට එම සමාගම කටයුතු යොදා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේ සභාපති ආචාර්ය කීර්ති කොටගම මහතා මේ පියවර ගැනීමට යන්නේ එම සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමට මුල්‍යමය ශක්තියක් නොමැති බව කියමිනි.
එක්සත් ජාතික පාක්ෂිකයින් වන මේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමට මුල්‍ය ශක්තියක් නොමැති බව කියා සිටින්නේ නම් මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේ සභාපති කීර්ති කොටගම මහතා මසකට රුපියල් 1,45,000ක කුලී පදනම යටතේ කැබ් රථ 12ක් කුලියට ගෙන මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ආධාරකරුවන්ට ලබා දී රුපියල් 25,000ක මාසික ඉන්ධන දීමනාවක් ද ගෙවන්නේ කෙසේ දැයි එම සමාගමේ සේවක සේවිකාවෝ ප්‍රශ්න කරති.
මේ සේවක සේවිකාවන් සේවයෙන් පහ කළොත් ඒ අය වෙනුවෙන් පෙනී සිටීමට මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති පවා මේ වන විට එකඟතාවය පළ කර තිබේ.
මේ අතර මාර්ග කම්කරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගෙන සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් 195ක් එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා විසින් මේ වන විටත් සේවයෙන් පහ කරනු ලැබ තිබේ.
මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේ සභාපති ලෙස කීර්ති කොටගම මහතා පත් කරනු ලැබ තිබෙන්නේ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන රජීව් සෙනවිරත්න මහතා එම ධූරයෙන් පහ කරමිනි.රජීව් සෙනවිරත්න මහතා ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණලි කිරීමෙන් අනතුරුව අගමැතිවරයා මහ මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් ද ඒ ගැන කරුණු විමසා තිබේ.
කීර්ති කොටගම මහතා එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතකු බවය.
රජීව් සෙනවිරත්න මහතා රැකියාක් නොමැතිව මේ වන විට කලකිරීමට පත්ව නිවසට වී සිටිද්දී කීර්ති කොටගම මහතා මඟ නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමගමේ සභාපති ධූරයට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරය ද “ලංකා හොස්පිටල්” ආයතනයේ අධ්‍යක්ෂක ධූරය ද උසුලයි.මීට පෙර ඔහු රාජ්‍ය වැවිලි සමාගමේ සභාපති ධූරය ද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක අධ්‍යක්ෂක ධූරය ද ඉසිලීය.
මේ අතර මහා මාර්ග අමාත්‍යංශයේ වෘත්තීය සමිති සහකාර ලේකම් ලෙස කටයුතු කරන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්සත් ජාතික පක්ෂයටත් අවුරුදු 25ක් තිස්සේ සේවය කරමින් සිටින ලක්මිත් කුරේ මහතාගේ කාර්යාලය පවරා ගැනීමට එම අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා කටයුතු කර තිබේ.ඔහු මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාට පැමිණිලි කර ඇතත් මේ වන තුරුත් ඊට විසඳුමක් ලැබී නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
