අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප සභාපතිකමට වජිර වෙනුවට අර්ජුන යෝජනා කෙරේ

එජාප සභාපතිකමට වජිර වෙනුවට අර්ජුන යෝජනා කෙරේ

(සුජිත් මංගල ද සිල්වා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…

(සුජිත් මංගල ද සිල්වා)

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

සිංහල-බෞද්ධ නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දෙමින් රට ලෝකයට ගෙන ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර එම තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් ඉතා වාසිදායක බව ද එම නායකයින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මෙම ජ්‍යෙෂ්ඨ නායකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ වජිර අබේවර්ධන මහතාව ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටීම, ඔහු ආණ්ඩුවත් එක්ක විවිධ කූට ගනුදෙනු සිදු කිරීම සහ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔහුට ඔහුට එරෙහිව මතුව තිබෙන විරෝධය යන කරුණු කාරණා මතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප සභාපතිකමට වජිර වෙනුවට අර්ජුන යෝජනා කෙරේ | Lanka Newsweek