අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?

එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?

කුරුඳු පොලු මෙහෙයුම එජාපයටම විරුද්ධව ඇරඹෙන ලකුණු..! එජාප පංච පුද්ගල කමිටුව විසුරුවා හැරීමට බල කෙරේ..! කුරුඳු පොලු ප්‍රහාරයක් එල්ල වන ලකුණු..? (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික්…

කුරුඳු පොලු මෙහෙයුම එජාපයටම විරුද්ධව ඇරඹෙන ලකුණු..!

එජාප පංච පුද්ගල කමිටුව විසුරුවා හැරීමට බල කෙරේ..!

කුරුඳු පොලු ප්‍රහාරයක් එල්ල වන ලකුණු..?

එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?

(සුමුදු පෙරේරා)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම,මහ ලේකම් කබීර් හෂීම්,අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ඩී.අයි.ජී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා යන පංච පුද්ගල කමිටුවේ ක්‍රියා කලාපයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට එම පක්ෂයේ සන්නිවේදන බළකායේ ක්‍රියාකාරීන් තීරණය කර තිබේ.

මේ පංච පුද්ගල කමිටුව වහාම විසුරුවා හැර එක්සත් ජාතික පාක්ෂිකයින්ට මේ අයගෙන් සිදුවූ අසාධාරණකම් සහ වැරදි  නිවැරදි කරන තුරු මේ සටන අඛණ්ඩව ඉදිරියටම ගෙන යන බව එම ක්‍රියාකාරීහු අවධාරණය කරති.

දැන්වීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (29) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වන අවස්ථාවේදී මේ ක්‍රියාකාරීන් බොහෝ විට කුරුඳු පොලු ද සමගින් සිරිකොත වැටලීමට ඉඩ තිබෙන බව සන්නිවේදන බළකායේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සන්නිවේදන බළකායේ ප්‍රබල ක්‍රියාකාරීන් වන ලක්මිත් කුරේ,චාමර හේරත්,උදය වසන්ත කුමාර,සරත් තිලකරත්න,ප්‍රදීප් උඩුවන,චාමිකා ක්‍රිෂාන්ති,ජයරත්න දිසානායක සහ අමල් පුස්සවැල්ල යන තරුණ තරුණියෝ මේ සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු සාකච්ඡා කරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සහ ඊට අනුබද්ධිත සන්නිවේදන බළකායේ ප්‍රබලයකු වන ලක්මිත් කුරේ මහතා මෙසේ පැවසීය.

එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?

“එක්සත් ජාතික පක්ෂයට සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ විනාශය කර තිබෙන්නේ මේ කියන පංච පුද්ගල කමිටුවේ ඇතැම් පිරිස් තමයි.මේ අය උත්සහ කරන්නේ 2020දීත් රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමාට ජනපති වරම් අහිමි කිරීමටයි.මේ යථාර්තය අප සියලු දෙනාම හොඳින් තේරුම් ගත යුතු අතර රට වටෙන්ම මේ කණ්ඩායමට එරෙහිව විශාල විරෝධයක් මතුව තිබෙන්නේ අහම්බයකින් නොවේ.

සන්නිවේදන බළකායේ අධ්‍යක්ෂ ජනරාල් සහ අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයක සුදත් චන්ද්‍රසේකර මහතා අතිශයින්ම කලකිරීමට පත්ව සිය ධූරයෙන් පවා ඉල්ලා අස් වුණේ මේ අයගේ ක්‍රියා කලාපය නිසයි.එක්සත් ජාතික පක්ෂයත් නායක රනිල් වික්‍රමසිංහ මහතාත් වෙනුවෙන් දර දිය අදින සන්නිවේදන බළකායේ ක්‍රියාකාරීන් ලෙස අප කියා සිටින්නේ පක්ෂයේත්,නයකතුමගේත් පක්ෂිකයින්ගේත් අපේත් අනාගතය වෙනුවෙන් මේ කණ්ඩායම විසුරුවා හැරිය යුතු බවයි.

සාගල රත්නායක,මලික් සමරවික්‍රම,කබීර් හෂීම් යන අපේ නායකයින්ට එරෙහිවත් හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා යන නිලධාරීන්ට එරෙහිවත් කුරුඳු පොලු අතට ගැනීමට අපේම පක්ෂයේ තරුණ තරුණියන් පෙළ ගැසෙමින් සිටීමෙන් පැහැදිළි වන්නේ ඒ අය කෙතරම් කෝපයකට,කැළඹීමකට සහ කලකිරීමකට පත්ව සිටිනවා ද යන්න පිළිබඳවයි.මේ වගේ තත්ත්වයක් යටතේ අප ඉදිරි පළාත් සභා මැතිවරණයට සහ 2020 ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කෙසේ ද ?

එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාප සන්නිවේදන බළකාය සිරිකොත වටලයි..? | Lanka Newsweek