අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප සංවිධායකවරුන් සාගලට හූ කියා කුණුහරුපයෙන් බැනලා

එජාප සංවිධායකවරුන් සාගලට හූ කියා කුණුහරුපයෙන් බැනලා

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී දැඩි විරෝධයක් එල්ල කර ඇත. ඒ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා…

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී දැඩි විරෝධයක් එල්ල කර ඇත.

ඒ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී බදාදා (02) එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී වන අතර එහිදී එම සංවිධායකවරුන් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට ද එලෙසින්ම "හූ" කියා කුණුහරුපයෙන් බැන වැදී විරෝධය පළ කර ඇත.

මුලින්ම මෙම විරෝධය මෙසේ පළ කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වන අතර ඒ සමගම අනෙකුත් සියලුම සංවිධායකවරුන් දිගින් දිගටම දැඩි ලෙස සිය විරෝධය පළ කර ඇත. මේ පිරිස පාලනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද නොහැකි වී තිබේ.

එම සංවිධායකවරුන් එහිදී අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළේ සාගල රත්නායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් බවය. මේ අතර රැස්වීම අවසන් වීමෙන් අනතුරුව සාගල රත්නායක මහතා "සිරිකොත" මූලස්ථානයෙන් පිටව යද්දී එම සංවිධායකවරුන් ඔහුගේ වාහනයට ද වතුර බෝතල්වලින් පහර දී තිබේ.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න