අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප සංවත්සරය කල් යයි..?

එජාප සංවත්සරය කල් යයි..?

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් එජාප සංවත්සරය කල් තබා ඇති බව වාර්තා වේ. මෙම තීරණය ගනු ලැබුවේ, කොළඹදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමකදී බව එක්සත්…

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් එජාප සංවත්සරය කල් තබා ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගනු ලැබුවේ, කොළඹදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමකදී බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය තහවුරු කළාය. කල් දමන ලද මෙම සංවත්සර උත්සවය මේ මාසය තුළම වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එක්සත් ජාතික පක්ෂ 79 වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මින් පෙර සඳහන් කර තිබූ අතර ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සඳහා ආරාධනා කරනු ඇති බවටද වාර්තා වී තිබුණි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප සංවත්සරය කල් යයි..? | Lanka Newsweek