අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප යටි බිම් ගත නායකයාට එරෙහි සටන ඇවිලේ..!

මලික් සමරවික්‍රම ආර්ථික ඝාතකයෙකි..!

මලික් සමරවික්‍රම අගමැති අභිභවා ජනපතිත් එක්ක ගනු දෙනුවක..? රුපියල් කෝටි ගණනක බදු වංචාවක් හෙට අනිද්දාම එළියට..! මහින්ද රාජපක්ෂලා එක්ක කරපු ගනු දෙනුත් හෙළිවේ..! (සුජිත් මංගල ද සිල්වා) සංවර්ධන උපාය…

මලික් සමරවික්‍රම අගමැති අභිභවා ජනපතිත් එක්ක ගනු දෙනුවක..?

රුපියල් කෝටි ගණනක බදු වංචාවක් හෙට අනිද්දාම එළියට..!

මහින්ද රාජපක්ෂලා එක්ක කරපු ගනු දෙනුත් හෙළිවේ..!

                            (සුජිත් මංගල ද සිල්වා)

සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අභිභවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිය අභිමතය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දේශපාලන වශයෙන් ගනු දෙනු කරමින් තීන්දු තීරණ ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ තරුණ නායකයින් ගණනාවක් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු කරවා තිබේ.

කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයෙන් පෙරේද (30) රාත්‍රී පිටව ගිය පසුව තව දුරටත් එහි රැඳී සිටි මලික් සමරවික්‍රම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ඒ ඒ අමාත්‍යවරුන් ගණනාවකගේ විෂය පථයන් සංශෝධනය කළ බව එම අවස්ථාවට එක්ව සිටි රජයේ ප්‍රබල අමාත්‍යවරයකු “lankanewsweek” සමග හෙළි කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සියලු තීන්දු තීරණ සඳහා තීරණාත්මකව මැදිහත්වීමට සහ පක්ෂයේ සියලු කටයුතුවලට ද මැදිහත් වී ඒ සියල්ල සිය අභිමතය පරිදි සිදු කරවීමට මලික් සමරවික්‍රම මහතාට තිබෙන බලය සහ හැකියාව අනුව පක්ෂයේ නායකයා වගේම රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ද නැති නම් මලික් සමරවික්‍රම මහතා යන්න ප්‍රශ්නයක් තිබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු “lankanewsweek”  සමග පැවසීය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නම් පාවිච්චි කර එම නායකයින් ද නොමඟ යවා සිය පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් ක්‍රියා කරන මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ වහාම තීන්දුවක් ගත යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

මලික් සමරවික්‍රම මහතාගේ මේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන වශයෙන් විශාල හානියක් ගෙන දී ඇති බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා තීන්දුවක් නොගත්තොත් ඒ ප්‍රශ්නය මලික් සමරවික්‍රම මහතා සමග මහ මඟ  දී විසඳා ගත යුතුය යන ස්ථාවරයට පසු පෙළ මන්ත්‍රීවරුන් වගේම ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් ද පැමිණ ඇතැයි ද අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ද මලික් සමරවික්‍රම මහතා මේ අයුරින්ම ඔහු සමග ගනු දෙනු කරමින් එක්සත් ජාතික පක්ෂයටත් නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් විශාල හානියක් සිදු කළ බව ද ඒ දිනවලත් ඔහුගේ මේ ක්‍රියාකලාපයට මන්ත්‍රීවරුන්ගෙන් වගේම පාක්ෂිකයින්ගෙන් විශාල විරෝධයක් එල්ල වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග රහස් දේශපාලන ගනු දෙනුවක නිරත වී සිටින බවට ජනතාගෙන් වගේම ජනමාධ්‍යයෙන් චෝදනා එල්ල වූයේ ද මලික් සමරවික්‍රම මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  ගාමිණී සෙනරත් යන මහත්වරුන් පිරිස් සමග සිදු කළ ව්‍යාපාරික වගේම දේශපාලන ගනු දෙනු හේතුවෙන් බව ද එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි ගණනක බදු වංචාවක් සිදු කර එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අල්ලා ගෙන බේරුණු ආකාරය පිළිබඳ සියලු තොරතුරු  ඊට අදාළ චෙක්පත් ද සමගින් “lankanewsweek” සතුව තිබෙන අතර හෙට අනිදම අපි ඒ පිළබඳව රටට හෙළි කරන්නෙමු.

එමෙන්ම උපාය මාර්ගික සංවර්ධන  සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතකු වන නන්දන ලොකුවිතාන මහතාට දී තිබෙන අයථා බදු සහන සහ ඔහු සමග කරන ව්‍යාපාර වගේම ගනු දෙනු  පිළිබඳ තොරතුරු රැසක් ද ඉදිරියේ දී හෙළි කිරීමට “lankanewsweek” කටයුතු යොදා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාප යටි බිම් ගත නායකයාට එරෙහි සටන ඇවිලේ..! | Lanka Newsweek