අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප මැයි රැළිය මන්ත්‍රීවරුන් පිරිසක් වර්ජනය කරති..!

එජාප මැයි රැළිය මන්ත්‍රීවරුන් පිරිසක් වර්ජනය කරති..!

සාගල-මලික් රැළිය මඟ හරිති..! කබීර්-රවී-චමින්ද අසනීප වෙති..! තිස්දෙනකු පමණ විවිධ හේතුන් මත ඇවිත් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ අද (06) පැවති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි…

සාගල-මලික් රැළිය මඟ හරිති..!

කබීර්-රවී-චමින්ද අසනීප වෙති..!

තිස්දෙනකු පමණ විවිධ හේතුන් මත ඇවිත් නැහැ..!

 එජාප මැයි රැළිය මන්ත්‍රීවරුන් පිරිසක් වර්ජනය කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ අද (06) පැවති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වර්ජනය කර ඇති අතර තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක සහ එම පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම යන මහත්වරුන් එම රැළිය  මඟ හැර ඇත.

මේ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන්  එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට ද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ද  මේ මැයි රැළිය සඳහා සහභාගීවීමට නොහැකි විය.

මැයි රැළිය වර්ජනය කර තිබෙන්නේ රංජිත් අලුවිහාරේ, දයා ගමගේ,  පාලිත රංගේ බණ්ඩාර,හර්ෂ ද සිල්වා,සුජීව සේනසිංහ,රන්ජන් රාමනායක,මයන්ත දිසානායක සහ අශෝක අබේසිංහ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකි.

මේ මන්ත්‍රීවරුන් මෙසේ මැයි රැළිය වර්ජනය කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිට පහළට සියලු තනතුරු සඳහා ඡන්දයකින් පුද්ගලයින් තෝරා පත් කර ගනිමින් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු නොකිරීමට විරෝධය පළ කරමිනි.

වර්ජනය කිරීම,මඟ හැරීම සහ අසනීප තත්ත්වයන් ඇතුළු හේතුන් මත මැයි රැළියට සහභාගී වී නොමැති පිරිස තිහක් පමණ වන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

සාගල රත්නායක මහතා මැයි රැළිය මඟ හැර ඇත්තේ අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කිරීමෙන් තමාට බලවත් අසාධාරණයක් සිදු වූයේ යැයි කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති කර ගෙන සිටින අමනාපකම මතය.

මේ සිද්ධිය “අකිල මහ ලේකම් කළාට අගමැති එක්ක අමනාප වී සාගල මහ ගෙදර යයි” යන ශීර්ෂය යටතේ  “lankanewsweek” මැයි 4 වැනිදා වාර්තා කළ අතර සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගී නොවන බව අපි එහිදී පැහැදිළිව අනාවරණය කළෙමු.

මලික් සමරවික්‍රම මහතා මැයි රැළියට සහභාගීවීම මඟ හැර ඇත්තේ ද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිකම අහිමි වීම සහ පක්ෂ අභ්‍යන්තරයෙන් ඔහුට එල්ල වෙමින් පවතින චෝදනා හමුවේ වන අතර සිය සභාපති ධූරය අහිමි වන ලෙසට ප්‍රතිසංවිධාන යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු රුවන් විජයවර්ධන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනකුට  අද (06) දුරකතනයෙන් කතා කර සිය කනස්සල්ල ද පළ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයෙදී අද (06) උදේ 9.00 ට පැවති අතර එහිදී එම පක්ෂයේ නව ජාතික සංවිධායක නවීන් දිසානායක සහ ප්‍රචාරක මාධ්‍ය සහ  සන්නිවේදන ලේකම් හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එකසත් ජාතික පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැඩි ප්‍රහාරාත්මක කතවක් සිදු කළේ සුවහසක් පාක්ෂිකයන්ගේ උණුසුම් අත් පොළසන් මධ්‍යයේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළියට දස දහසකට අධික ජනකායක් සහභාගී වී සිටි බව පොලිස් බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාප මැයි රැළිය මන්ත්‍රීවරුන් පිරිසක් වර්ජනය කරති..! | Lanka Newsweek