එජාප මහා ලේකම් ධූරයට තිස්ස..?

රනිල්ගෙන් තිස්සට විශේෂ ආරාධනයක්..! (සුජිත් මංගල ද සිල්වා සහ අශන්ති වර්ණසුරිය) එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයට එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා යළි පත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන්…
රනිල්ගෙන් තිස්සට විශේෂ ආරාධනයක්..!
(සුජිත් මංගල ද සිල්වා සහ අශන්ති වර්ණසුරිය)
එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයට එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතා යළි පත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැඩි ඉල්ලීම් සහ යෝජනා ලැබෙමින් පවතියි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමග යළි එකතු වී පක්ෂයේ මහා ලේකම් ධූරය භාර ගන්න ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතා මාර්ගයෙන් තිස්ස අත්තනායක මහතා වෙත විශේෂ ආරාධනයක් කර තිබේ.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂයට යළි එකතු වී පක්ෂයේ මහා ලේකම් ධුරය භාර ගන්නා ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක්ම තමාට අර්ධන කළ බව තිස්ස අත්තනායක මහතා “lankanewsweek”සමග පැවසීය.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ බරපතල පසුබෑම යළි කණපිට හැරවීමට නම් සමස්ථ පක්ෂ යන්ත්රනයේම පුළුල් සහ පුර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.