එජාප බුද්ධි මණ්ඩල දෙදරයි...මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සජබයට

එජාපයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරයෙක් විපක්ෂ නායකගේ වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් වෙයි විපක්ෂ නායකගෙන් උණුසුම් පිළි…
එජාපයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරයෙක්
විපක්ෂ නායකගේ වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් වෙයි
විපක්ෂ නායකගෙන් උණුසුම් පිළි ගැනීමක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක් විය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා එම පක්ෂයට සිය බුද්ධිමය, මතවාදී සහ සංකල්පීය දායකත්වය ලබා දුන් අන්තර් ජාතික මට්ටමෙන් පිළි ගැනෙන සහ කීර්තියට පත් රටේ සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයෙකි.
ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූ ප්‍රසන්න පෙරේරා මහතා, වර්ෂ 2016-2017 කාලයේ දී වරාය අධිකාරියේ වැඩ බලන සභාපතිවරයා ලෙසත් එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් කටයතු කර ඇති අතර ඊට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
දැන්වීම
ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සේම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරු රැසක්ම දරා ඇති මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ආර්ථික විද්‍යාවට සහ සංඛ්‍යාන විද්‍යාවට අදාළව පර්යේෂණ රැසක්ම සිදු කර ඇති අතර එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහා බැංකු බැඳුම්කර චෝදනා එල්ල වෙද්දී, එවැනි වංචාවක් සිදුව නොමැති බවට විෂයට අදාළව කරුණු කාරණා, සාක්කි සහ සාධක ඇතිව පොදු ජනතාවට අවබෝධ වන අයුරින් විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය ඔස්සේ රට දැනුම්වත් කළේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාය.
සිය බුද්ධිමය, මතවාදී සහ සංකල්පීය දායකත්වය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කරමින් එම පක්ෂයට එකතු වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාව එම පක්ෂය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා උණුසුම් ලෙස පිළි ගෙන ඇත.
නිතර ජන මත සමීක්ෂණ පවා සිදු කරමින් රටේ ජනතාවගේ මතය පිළිබඳව අවබෝධයකින් යුතුව සිටින මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ගත් මෙම දේශපාලන තීන්දුවෙන් පැහැදිළි වන්නේ උගතුන් සහ බුද්ධිමතුන් එක්සත් ජාතික පක්ෂයෙන් දිනපතා ඈත් වන බවය.
මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාගේ හැකියාව, දක්ෂතාවය, පළපුරුද්ද සහ කීර්ති නාමය ගැන දන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුව සිය වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් කර ඇත.
ඊට අමතරව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා සමගි ජන බලවේගයේ ප්‍රචාරක සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ සමගි ජන බලවේගයේ මතය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සමාජ ගත කිරීමට ක්‍රියා කරනු ඇත.