අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපති හොඳටම දෙහි කපලා

එජාප ප්‍රබලයින් තිදෙනෙකුට ජනපති හොඳටම දෙහි කපලා

වැඩ කරනේ නැහැ ලු-මුල්‍ය වංචාවක් සිදු කරලාලු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන බව "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ග පවසයි. ඒ එම…

වැඩ කරනේ නැහැ ලු-මුල්‍ය වංචාවක් සිදු කරලාලු 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබෙන බව "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ග පවසයි.

ඒ එම ප්‍රබලයින් තිදෙනා ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් කිසිදු සාධනීය වැඩ කොටසක් ඉටු නොකිරීම සහ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් බව කියන සිද්ධියකට අදාළව බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බොහෝ දුරට මෙම ප්‍රබලයින් තිදෙනා දරන ධූරවලින් ඔවුන් පහ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරනු ඇතැයි "සිරිකොත" අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න