අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“එජාප ප්‍රතිසංවිධානය මෙවර අගමැතිගේ හිතුමනාපයට බැහැ”

“කොළ පාට සමාජය”අවසාන කාර්තුවේ ද අවසානයට පැමිණෙයි..!

සැබෑ ප්‍රතිසංවිධානයකට එජාප මන්ත්‍රීවරු 30ක් පෙළ ගැසෙති..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ මෙවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහු වටා සිටින කණ්ඩායමේ…

සැබෑ ප්‍රතිසංවිධානයකට එජාප මන්ත්‍රීවරු 30ක් පෙළ ගැසෙති..!

“එජාප ප්‍රතිසංවිධානය මෙවර අගමැතිගේ හිතුමනාපයට බැහැ”

(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ මෙවර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහු වටා සිටින කණ්ඩායමේ අවශ්‍යතාවය මත  පමණක් සිදු කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් සහ පසු පෙළ මන්ත්‍රීවරු අවධාරණය කර සිටිති.

රටෙත්,දේශපාලන ක්ෂේත්‍රයේත්,ආණ්ඩුවේත් උද්ගත වී තිබෙන වාතාවරණය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් පත්ව සිටින තත්ත්වය හමුවේ තනි මතයට පක්ෂ ප්‍රතිසංවිධානය සිදු කරමින් හැමදාමත් කළා වගේ එකම පිරිසක් පක්ෂයේ සියලු බලතල සහිතව ඉහළ තනතුරුවල තැබීමේ ක්‍රමවේදයට ඉඩ දිය නොහැකි බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් තිස් දෙනක් “lankanewsweek” සමග පැවසූහ.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම,මහ ලේකම් කබීර් හෂීම් සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් වහාම එම ධූරවලින් පහ කළ යුතු බව පොදුවේ පෙන්වා දුන්  එම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයට වත්මන් මහ ලේකම් කබීර් හෂීම් මහතා පත් කළ යුතු බවට අතළොස්සක් කර ඇති යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළහ.

එමෙන්ම ඩී එම් ස්වාමිනාදන්,අනෝමා ගමගේ සහ තිලක් මාරපන යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය ගැන බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති නමුත් එක්සත් ජාතික පක්ෂයත්, නායකයාත්, පාක්ෂිකයාත්, වෙනුවෙන් දර දිය ඇද්ද,ජන පදනමක් ඇති,ජනතාවගේ අවශ්‍යතා හඳුනන, පොළවේ පය ගසා සිටින සහ දේශපාලනය ගැන දන්නා අය පක්ෂයේ ඉදිරියට ගෙන බලතල දී පක්ෂයත් රැක ගෙන තමාත් ආරක්ෂාවීමට ඔහු ක්‍රියා කළ යුතු යැයි ද එම මන්ත්‍රීවරු වැඩි දුරටත් අවධාරණය සිටිති.

“එජාප ප්‍රතිසංවිධානය මෙවර අගමැතිගේ හිතුමනාපයට බැහැ”මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති සහ ශ්‍යාමෝපාලි වංශික මල්වතු පාර්ශවයේ රයිගම්-හේවාගම් කෝරළ ද්වාරයේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ“lankanewsweek” සමග මෙසේ පැවැසුහ.

“එක්සත් ජාතික පක්ෂයේ අනිවාර්යෙන්ම ප්‍රතිසංවිධානයක් විය යුතුයි.ඒ සියලු ප්‍රතිසංවිධාන විය යුත්තේ මහ සම්මතයට,නොඑසේ නම් ජනතා මතයට සහ අවශ්‍යතාවයට අනුවයි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡා කර ජනතාව ඇතුළු සියලු දෙන ඉල්ලා සිටින මේ නැවැරදි ප්‍රතිසංවිධානය කරනු ඇතැයි මහ සංඝ රත්නය ලෙස අප විශ්වාස කරනවා.ඒ වගේම මේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය වාසිය වෙනුවෙන් කසාය බිව්ව ගොළුවන් වගේ නොසිට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාවගේ අවශ්‍යතා සහ ඒ අයගේ අදහස් පිළිබඳව නිවැරදි තොරතුරු දී සාකච්ඡා මාර්ගයෙන් ඒ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සිදු කර ගනිමින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුයි.අප සියලු දෙනාම මහ සම්ප්‍රදායට ගරු කරමින්  මහ සම්මත වාදයට අනුව ඊට හිස නමා ක්‍රියා කළ යුතුයි.එසේ නොවුණොත්  සියලු දෙනාට සිදු වන්නේ සීගිරි කාශ්‍යප රජතුමාට වගේ සිය කඩුවෙන්ම ගෙල කපා ගෙන මිය යන්නයි”

“එජාප ප්‍රතිසංවිධානය මෙවර අගමැතිගේ හිතුමනාපයට බැහැ”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ මෙසේ පැවසූහ.

“එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ලෙස අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ මොහොත වන විටත් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටින අතර ඔබ සඳහන් කළ මේ නිලධාරී කණ්ඩායමේ  ක්‍රියා කලාපය එතුමාටත් විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.මේ කියන පුළුල් ප්‍රතිසංවිධානය එක්සත් ජාතික පක්ෂයේ සිදු නොවුණොත් මහ සංඝ රත්නය ලෙස තීරණයක් ගැනීමට අපට සිදු වනවා.මේ සියලු ප්‍රශ්නවලට හේතුව මේ පක්ෂයේ කෙලින් කතා කරන,කෙලින් වැඩ කරන පිරිමි නොමැතිකමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් සංවිධායක ගම්මන විජයධම්ම නා හිමියෝ මෙසේ පැවසූහ.“ජනතාවත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයත් ඉල්ලා සිටින මේ ප්‍රතිසංවිධානය සිදු කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පක්ෂය ජනතාව අතරට යළි රැගෙන යනු ඇතැයි මහ සංඝ රත්නය ලෙස අප විශවාස කරන අතර ඒ වෙනුවෙන් ආශීර්වාද ද කරනවා”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
“එජාප ප්‍රතිසංවිධානය මෙවර අගමැතිගේ හිතුමනාපයට බැහැ” | Lanka Newsweek