අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති

රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ වජිරට විරෝධය-රංගේ බණ්ඩාරගේ දායකත්වය ප්‍රමාණවත් නැහැ එජාපය ගොඩගන්න කරූගේ සහය අවශ්‍යයි සියලු දෙනා එකට ඒකරාශී කර සමගි කරවා සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී…

රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ 

වජිරට විරෝධය-රංගේ බණ්ඩාරගේ දායකත්වය ප්‍රමාණවත් නැහැ 

එජාපය ගොඩගන්න කරූගේ සහය අවශ්‍යයි  

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති

සියලු දෙනා එකට ඒකරාශී කර සමගි කරවා සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී වහාම එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහී මාවතට ගෙන එන්නැයි එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුනන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

දැන්වීම

රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන නායකයින්ගෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක්, ඉදිරි ගමනක් සහ ජයග්‍රහණයක් නොමැති බව නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී ඇති එම පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපය ද විවේචනය කර ඇත.

එමෙන්ම එස්කත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය, දේශපාලන අනාගතය, උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රධාන එම බලවේගයේ පූර්ණ සහයෝගය, දායකත්වය සහ මැදිහත් වීම ලබා ගත යුතු යැයි පෙන්වා දී ඇති එම පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතාගේ භූමිකාව ප්‍රමාණවත් නොවන බව ද වැඩි දුරටත් අවදාධාරණය කර ඇත.

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති 

එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප පළාත් පාලන මන්ත්‍රීවරු නායකයාට කරුණු පහදති | Lanka Newsweek