අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප පසු පෙළ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරති..!

එජාප පසු පෙළ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරති..!

අගමැතිට යෝජනාවලියක් භාර දෙති..! ඉල්ලීම් ඉටු නොකොළොත් වැඩ වරදියි..! අගමැති අඩියක් පස්සට ගනී..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (21) පැවති එක්සත් ජාතික…

අගමැතිට යෝජනාවලියක් භාර දෙති..!

ඉල්ලීම් ඉටු නොකොළොත් වැඩ වරදියි..!

අගමැති අඩියක් පස්සට ගනී..!එජාප පසු පෙළ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (21) පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණඩායම් රැස්වීම එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු වර්ජනය කළහ.

එම මන්ත්‍රීවරුන් මෙසේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම වර්ජනය කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සිය වැරදි නිවැරදි කර නොගෙන ජනතා විරෝධී සහ පක්ෂයට හානි කර ක්‍රියා ක්‍රියා පිළිවෙත තව දුරටත් අනුගමනය කරමින් සිටීම වගේම සිය ඉල්ලීම් ඉටු කිරීමට පක්ෂ නායකත්වය මේ වන තුරුත් ක්‍රියා කර නොතිබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

මේ හේතුවෙන් කලබලයට පත් වී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (22) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ,නායකත්වයේ සහ විශේෂයෙන් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ජනතාවාදීව,සාධාරණව වගේම දේශපාලනිකව සකස් කර ගැනීම තව දුරටත් මඟ හරිනවා නම් ඊට එරෙහිව ජනතාව සමග එක්ව දැඩි පියවර ගැනීමට සිදු වන බව එම මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්හ.

එහිදී විශේෂ යෝජනාවලියක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙමින් එම මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ සිය දිස්ත්‍රික්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශ සංවර්ධනය කිරීමට සියලුම පසු පෙළ මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙන ලෙසය.

ඒ ඒ අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත් කර සිටින අයට ඒ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කාර්යාලීය,ප්‍රවාහන සහ ඉන්ධන පහසුකම් ලබා දෙන ලෙස අදාළ යෝජනාවලිය මගින් දැනුම් දී ඇති පසු පෙළ මන්ත්‍රීවරුන් බොහෝ ඇමතිවරුන් එම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ව තුට්ටුවකටවත් මායිම් නොකරන අතර පාක්ෂිකයින්ට යමක් කිරීම සඳහා කිසිදු පහසුකමක් ලබා නොදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිලි ද කළහ.

එමෙන්ම සිය ආසනවල තරුණ තරුණියන්ට ලබාදීම සඳහා ඒ ඒ මන්ත්‍රීවරුන්ට නිශ්චිත සහ සාධාරණ රැකියා ප්‍රමාණයක් ලබා දිය යුතු යැයි ද ඔවුහූ අග්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ඇමති ධූර දරන එහෙත් පක්ෂයේ නොවන භාහිර පුද්ගලයින්ද,පක්ෂයේම බොහෝ මැති ඇමතිවරුන්ද සිදු කරන්නේ රජයේ රැකියා සහ අවස්ථා සිය පුද්ගලික මනාප ඡන්ද පදනම රැක ගැනීම සඳහා සිය ආසනයේ සිටින තමාට හිතවත් අය අතර පමණක් බෙදා දීම බවට එහිදී චෝදනා කර ඇති එම මන්ත්‍රීවරු එසේ කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය රට පුරා ප්‍රවර්ධනය වී පක්ෂයේ සමස්ථ ඡන්ද පදනම ශක්තිමත් වී වර්ධනය නොවන බව ද අවධාරණය කළහ.

එම නිසා කළ යුත්තේ සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශවල ද,පෞද්ගලික අංශයේ ද,අලුතින් උත්පාදනය කෙරෙන්නාවූ ද,රැකියා එක ස්ථානයකට ගෙන ලැයිස්තු ගත කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මුළු රටම ආවරණය වන පරිදි එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදා දීම බව ද,සමස්ථයක් ලෙස මුළු රටම ආවරණය වන පරිදි පක්ෂය ප්‍රවර්ධනය වන්නේ එවිට යැයි ද එම මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පාක්ෂිකයින් මුහුණ දී සිටින සමෘද්ධි සහ දේශපාලන පළි ගැනීම් පිළිබඳ ප්‍රශ්න වහාම විසඳා ඒ අයට ඒ නියමිත සහන සලසා සාධාරණය ඉටු කළ යුතු බව ද එම පසු පෙළ මන්ත්‍රීවරු වැඩි දුරටත් දැඩි ලෙස අවධාරණය කළහ.

එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවලිය සහ කරුණු දැක්වීම් දෙස දැඩි ලෙස අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ලටම එකඟ වී තමාත් පසු පෙළ මන්ත්‍රීවරුනුත් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේ වගකීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පැවරීය.

එජාප පසු පෙළ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරති..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාප පසු පෙළ කණ්ඩායම් රැස්වීම වර්ජනය කරති..! | Lanka Newsweek