එජාප නියෝජ්‍ය නායකයාට කතා නායකගෙන් උපදෙස්..!

පක්ෂය කඩනු එපා-ප්‍රශ්න අභ්‍යන්තරයේ ම විසඳා ගනු..! (සුජිත් මංගල ද සිල්වා) ප්‍රශ්න විසදා ගත යුත්තේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් අභ්‍යන්තරයේ ඇති කරගන්නා වූ සංහිදියාවකින් විනා එක්සත් ජාතික පක්ෂය…
පක්ෂය කඩනු එපා-ප්‍රශ්න අභ්‍යන්තරයේ ම විසඳා ගනු..!
(සුජිත් මංගල ද සිල්වා)
ප්‍රශ්න විසදා ගත යුත්තේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් අභ්‍යන්තරයේ ඇති කරගන්නා වූ සංහිදියාවකින් විනා එක්සත් ජාතික පක්ෂය කැඩී බිඳී විනාශ වී යන අයුරින් අභ්‍යන්තර ප්‍රශ්න මහ මඟ සාකච්ඡා කිරීමෙන් නොවන බව කතානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත උපදෙස් ලබා දෙමින් පෙන්වා දී තිබේ.
එම නිසා එක්සත් ජාතික පක්ෂයට හානියක් වන අයුරින් ප්‍රශ්න එළියේ සකච්ඡා නොකර සියල්ල අභ්‍යන්තරයේ දී ම පමණක් සකච්ඡා කර විසදුම් සොයා ගැනීමට ක්‍රියා කළ යුතු යැයි ද කතානායක කරු ජයසුරිය මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත උපදෙස් දී ඇත.
කතා නායක කරු ජයසුරිය මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ උපදෙස් ලබා දී ඇත්තේ එම දෙපාර්ශවය අතර අනාගහරුවා (27) රාත්‍රියේ කොළඹදී පැවති විශේෂ සහ තීරණාත්මක හමුවක දිය.
දැන්වීම
දෙපාර්ශවය අතර ඉතා සුහදශීලි ලෙස පැවති මේ සාකච්ඡාවේදී රටේ උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය,එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වගේ ම දේශපාලන පක්ෂයක තිබිය යුතු විනය,නිතිය සහ සම්ප්‍රදාය ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කෙරිණ.
සජිත් ප්‍රේමදාස පාර්ශවයේ ඉල්ලීමකට අනුව පැවති මේ දීර්ඝ සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා, කතා නායක කරු ජයසුරිය මහතා දුන් උපදෙස්වලට සාවධානව ඇහුම් කන් දී ති අතර සාකච්ඡාව තර්ක විතර්ක සහ වාද විවාදවලින් තොරව අවසන් වී ඇත.