එජාප නායක-නියෝජ්‍ය නායක-උප නායක සහ ජාතික සංවිධායක මහා මැතිවරණයට නැහැ

එජාපය සෝදාපාලු වෙලා පක්ෂය නමටයි සිරිකොතටයි සීමා වෙලා පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන…
එජාපය සෝදාපාලු වෙලා
පක්ෂය නමටයි සිරිකොතටයි සීමා වෙලා

පක්ෂයේ උද්ගත වී තිබෙන අර්බුදය සහ රටේ දේශපාලන වාතාවරණය හමුවේ ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා තීරණය කර තිබේ.
මේ අතර ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකරන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මීට පෙර නිවේදනය කර තිබිණ.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් ද ඉදිරි මහා මැතිවරණය සඳහා තරඟ නොකරනු ඇති බවය.
ඒ අනුව ඉදිරි මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් තරඟ නොකරනු ඇත.
