අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

එජාප නව සන්ධානයේ මහ ලේකම්වරයා Tipp-Ex කාරයෙක්

එජාප නව සන්ධානයේ මහ ලේකම්වරයා Tipp-Ex කාරයෙක්

කූට ලේඛන සැකසූ අයෙකු මහ ලේකම් කර විපක්ෂ නායක රටට ලබා දෙන ආදර්ශය කුමක්ද..? නව සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව අනතුරේ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට යන නව දේශපාලන…

කූට ලේඛන සැකසූ අයෙකු  මහ ලේකම් කර විපක්ෂ නායක රටට ලබා දෙන ආදර්ශය කුමක්ද..?

නව සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව අනතුරේ  

එජාප නව සන්ධානයේ මහ ලේකම්වරයා Tipp-Ex කාරයෙක්

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට යන නව දේශපාලන සන්ධානයේ මහ ලේකම් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නම් කරනු ලැබූ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට පෙර අවස්ථාවක එම පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලයිස්තුවක තිබූ අපේක්ෂකයෙකුගේ නමක් Tipp-Ex කර කුමන්ත්‍රණකාරී කපා හැරිය අයෙකි.

එක්සත් ජාතික පක්ෂය යටතේ 2010 මහ මැතිවරණයට මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුව එම පක්ෂය මගින් එම දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලබා දුන් පසු ඔහු කළේ,පක්ෂයේ නීතිය,විනය සහ සම්ප්‍රදාය උල්ලංඝණය කරමින්  තමා අකමැති සහ තමාට අභියෝගයක් විය හැකි  අපේක්ෂකයාගේ නම Tipp-Ex  යොදා මකා ඒ වෙනුවට සිය එහෙයියෙකුගේ නමක් ඊට ඇතුළත් කරමින් මැතිවරණ කාර්යාලයට භාර දීමය.

ඔහු මෙසේ Tipp-Ex යොදා මකා දැම්මේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම වන අතර තිස්ස කුට්ටිආරච්චි යනු මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එදා සම්බන්ධ වෙද්දී එම කණ්ඩායම සමග පැමිණි අයෙකි. 

දැන්වීම

ඔහු මොණරාගල දිස්ත්‍රික්කයේ ජන්ප්‍රිය චරිතයක් වූ අතර ඒ නිසාම පක්ෂය ඔහුව 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊට වීරෝධය පළ කළේය .

නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව කියා සිටියේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව හොඳ සටනක් ලබාදීම සඳහා තිස්ස කුට්ටිආරච්චි මහතා අනිවාර්යයෙන්ම මොණරාගල අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කළ යුතු බවය.

ඒ අනුව තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුළත් අපේක්ෂක ලැයිස්තුව කණ්ඩායම් නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත එවකට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාව සිටී තිස්ස අත්තනායක මහතා භාර දුන් පසු ඔහු කළේ නීති විරෝධී සහ විනය විරෝධී ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම Tipp-Ex කර මකා දැමීමය. 

මෙසේ පක්ෂයේ නිල සහ අවසන් අපේක්ෂක ලැයිස්තුවේ තිබූ අපේක්ෂකයින්ගේ නම් කුමන්ත්‍රණකාරී,නීති විරෝධී සහ විනය විරෝධී ලෙස Tipp-Ex   කර මකා දැමූ පුද්ගලයෙකු නව දේශපාලන සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස නම් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටට-ජනතාවට සහ පක්ෂයට ලබා දෙන ආදර්ශය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රශ්න කරති.

මේ අනුව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි,වගකීම් විරහිත සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චූදිතයෙකුව සිටින රංජිත් මද්දුම බණ්ඩාර මහතා නව දේශපාලන සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ස්ථිර වුණොත් ඔහුගේ විරුද්ධවාදීන්ට මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා ගැනීම ගැටලුවක් වනු ඇතැයි ද ඔවුහූ පෙන්වා දෙති. 

එජාප නව සන්ධානයේ මහ ලේකම්වරයා Tipp-Ex කාරයෙක්

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න