එජාප තනි ආණ්ඩුවක්..! ජනපති තනි වෙයි..?

ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට-තවත් කොටසක් පොහොට්ටුවට..! 113ක බහුතරය පෙන්වයි (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ඉදිරි දින කිහිපය අතුල දී ඉතාම ඉක්මනින් තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත්…
ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට-තවත් කොටසක් පොහොට්ටුවට..!
113ක බහුතරය පෙන්වයි
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ඉදිරි දින කිහිපය අතුල දී ඉතාම ඉක්මනින් තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගෙන ඇත්තේ සිය පක්ෂය සමග යහ පාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා ගෙන යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් නොමැති බවට කර ඇතැයි කියන දැනුම් දීමත් සමග උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් පසුවය.
දැන්වීම
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැක්කේ අවුරුදු 4 ½ක් ගතවීමෙන් පසුව වන අතර ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් ඒ සඳහා පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ 2/3කක බහුතරයකින් එම පනත සම්මත කර ගත යුතු නිසා එම ක්‍රියා මාර්ගය මේ මොහොතේ ප්‍රායෝගික නොවන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබේ.
කතානායක කරු ජයසුරිය මහතා සමග එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 106ක් තිබෙන අතර ශ්‍රී ලංකා නිහා පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද නව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය පළ කරමින් එම පක්ෂය සමග එක්වීමට නියමිතව සිටිති.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 113ක් බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සියලු කටයුතු යොදා ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු “lankanewsweek” වෙත කරුණු හෙළි කරමින් පැවසීය.
එමෙන්ම විපක්ෂයේ සිටිමින් පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයට සිය සහය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය ද දේශපාලන ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.
නව ආණ්ඩුව යටතේ ජනතාවට උපරිම සහන සැලසීමටත්,යහ පාලන ආණ්ඩුව යටතේ සිදු කෙරුණු බාධා කිරීම් හේතුවෙන් අඩාල වූ සංවර්ධන වැඩ කටයුතු වේගවත් කර රට ආර්ථික වශයෙන් දියුණු කරන අතර දූෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළව ඉක්මනින් නීතිමය පියවර ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එමෙන්ම නව රජයේ කැබිනට් මණ්ඩලය මැති ඇමතිවරුන් තිස් දෙනකුට සීමා කිරීමට ද 2020 වන විට යහ පාලන ඉලක්ක සම්පුර්ණයෙන්ම සපුරා ගැනීමට ද තීරණය කර ඇති එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් කිරීමට ද කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අදත් (12) හෙටත් (13) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය.