අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..!

එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..!

නව සන්ධානයේ මහා ලේකම් ධූරය එජාපයට..! සන්ධාන සකච්ඡා සාර්ථකයි..! සන්ධානයට පෙර අපේක්ෂකයා නම් කරන කතා බොරු..! "සන්ධානයයි-එජාප අපේක්ෂකයයි" අතර සම්බන්ධයක් නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික…

නව සන්ධානයේ මහා ලේකම් ධූරය එජාපයට..!

සන්ධාන සකච්ඡා සාර්ථකයි..!

සන්ධානයට පෙර අපේක්ෂකයා නම් කරන කතා බොරු..!

"සන්ධානයයි-එජාප අපේක්ෂකයයි" අතර සම්බන්ධයක් නැහැ..!

එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නව සහ පුළුල් දේශපාලන සන්ධානයට අත්සන් තැබීමෙන් අනතුරුව සුදුසු වේලාවට,සුදුසු පරිදි සිදු කිරීමට එම පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයෝ පොදු එකඟතාවයකට පැමිණ සිටිති.

එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් මේ පොදු එකඟතාවයට පැමිණියේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු නව දේශපාලන සන්ධානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සකච්ඡා කිරීම සඳහා සෞඛය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේදී සෙනසුරාදා (17) පෙරවරුවේ පැවති විශේෂ රැස්වීමේදීය.

දැන්වීම

ඒ අනුව මේ නව දේශපාලන සන්ධානය අත්සන් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බවට මේ රැස්වීමේදී තීරණය වුණේ යැයි කියමින් ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පුර්ණයෙන්ම සාවධ්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සහ නව දේශපාලන සන්ධානයට අත්සන් තැබීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කර සිටියි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදු වන්නේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එකාබද්ධව බවය. 

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු නව දේශපාලන සන්ධානයේ මහා ලේකම් ධූරය බහුතරය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු බවට ද එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ මේ රැස්වීමේදී වැඩි දුරටත් තීන්දු කළහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප ජනපති අපේක්ෂකයා සන්ධානයට අත්සන් කිරීමෙන් පසු..! | Lanka Newsweek