“එජාප ඇමතිවරුන් පත් කළේ අගමැති නිර්දේශ අනුවයි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

“අගමැති නිර්දේශ නොකළ එජාප මන්ත්‍රීන්ට තනතුරු දෙන්න මට බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ…
“අගමැති නිර්දේශ නොකළ එජාප මන්ත්‍රීන්ට තනතුරු දෙන්න මට බැහැ”
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්,රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශ අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු පස් දෙනකු හමුවේ පැහැදිළි කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ඇමති මණ්ඩල සංශෝධනයට තමා මැදිහත් වූයේ නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ නොකළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම්,රාජ්‍ය ඇමතිකම් හෝ නියෝජ්‍ය ඇමතිකම් ලබා දීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත්තේ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති වසන්ත අලුවිහාරේ, ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ සහ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ, යන මහත්වරුන් ඇතුළු පස් දෙනකු සඳුදා (07) ජනාධිපති නිල නිවසේදී ඔහු හමු වූ අවස්ථාවේදීය.
එහිදී මේ පිරිස ඒ අයට හිමි වූ තනතුරු සම්බන්ධයෙන් ද ඇමති,රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධූර හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසකට එම තනතුරු හිමි නොවීම සම්බන්ධයෙන් ද සිය කනස්සල්ල පළ කර ඇති අතර ඒ පිළිබඳව කරුණු ද විමසා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පිරිස හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කරුණු කාරණා පැහැදිළි කර ඇත්තේ ඒ අනුවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1