අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-

එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-

සජිත්ට අගමැති අපේක්ෂකත්වයත් දුන් පුවතට මාධ්‍යයෙන් නිසි ප්‍රචාරයක් ලැබුණේ නැහැ සජිත් වෙනුවෙන් කළ හැකි සියල්ල රනිලුයි-එජාපයයි කළා සියලු පාක්ෂිකයින් මේ ඇත්ත තේරුම් ගත යුතුයි (සුජිත් මංගල ද සිල්වා)…

සජිත්ට අගමැති අපේක්ෂකත්වයත් දුන් පුවතට මාධ්‍යයෙන් නිසි ප්‍රචාරයක් ලැබුණේ නැහැ

සජිත් වෙනුවෙන් කළ හැකි සියල්ල රනිලුයි-එජාපයයි කළා 

සියලු පාක්ෂිකයින් මේ ඇත්ත තේරුම් ගත යුතුයි   

එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ සහ එම පෙරමුණේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකත්වයත් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දුවට අදාළ ප්‍රවෘත්තියට ජන මාධ්‍ය මගින් නිසි ප්‍රචාරයක් ලැබුණේ නැතැයි හිටපු සභා නායක සහ එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන එම පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව මහා මැතිවරණයේදී සටන් වදින බොහෝ පාක්ෂිකයින් තවමත් නොදන්නා බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,ඒ අනුව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු ප්‍රශ්නයක් නොමැති අතර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කළ හැකි සියල්ල නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂය මේ වන විටත් කර ඇති බව සියලු පාක්ෂිකයින් අවබෝධ කර ගත යුතු යැයි ද සඳහන් කළේය.

දැන්වීම

බහුතරයේ  මතයට යළිත් වතාවක් හිස නමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගත්තේ තමා ද ඇතුළු පක්ෂ ප්‍රතිසංවිධාන සය පුද්ගල කමිටුවේ ඒකමතික නිර්දේශයට අනුව බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. 

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් වෙත කරුණු පැහැදිළි කරමින් හිටපු සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා නිකුත් කර ඇති නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.  

එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප අගමැති අපේක්ෂකත්වයත් රනිල් සජිත්ට පරිත්‍යාග කළා -කිරිඇල්ල- | Lanka Newsweek