එජාපෙ පසු පෙළ මලික් සමරවික්‍රමගේ කලිසම ඔළුවෙන් ගලවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

අගමැතිගේ ආශීර්වාදයත් එජාපෙ පසු පෙළට..! එජාපෙ මන්ත්‍රී කණ්ඩායම් රැස් වීම ගිණියම් වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියාකලාපය…
අගමැතිගේ ආශීර්වාදයත් එජාපෙ පසු පෙළට..!
එජාපෙ මන්ත්‍රී කණ්ඩායම් රැස් වීම ගිණියම් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියාකලාපය පිළිකුල් කරමින් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මලික් සමරවික්‍රම මහතා සම්පූරණයෙන්ම හෙළිදරව් කරමින් දැඩි විවේචනාත්මකව,චෝදනාත්මකව සහ ඔහු පිළිකුල් කරමින් එම මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව මේ දේශපාලන ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ අද (08) පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.
එහිදී මුලින්ම නැගී සිටී රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් ප්‍රධාන පසු පෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේම දැඩි ලෙස අවධාරණය කර සිටියේ මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පෙරමුණට විශාල හානියක්,බරක් සහ පිළිලයක් බවය.
පසු පෙළ මන්ත්‍රීවරුන් මේ ප්‍රහාරය එල්ල කරද්දී මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ නොසිටි අතර ඔහු පැමිණියේ ඊට සුළු වේලාවකට පසුවය.
මලික් සමරවික්‍රම මහතා කණ්ඩායම් රැස්වීමට පැමිණීමත් සමගම කතාව ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුට එරෙහිව මීට සුළු මොහොතකට එරෙහිව එල්ල කළ චෝදනාව ඔහු ඉදිරියේම කරුණු සහිතව යළි ඉදරිපත් කරන්නැයි කියමින් පසු පෙළ මන්ත්‍රීවරුන්ට සිය අතින්ම සංඥා කළේ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම මවිතයට පත් කර වමිනි.
එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම එසේ මවිත වූයේ මලික් සමරවික්‍රම මහතා විවේචනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ පළමු වතාවට අවස්ථාවක් ලබා දුන් නිසාය.
මේ අනුව පැහැදිළි වන්නේ සියලු ප්‍රශ්නවලට,පරාජයන්ට,තමාට එරෙහි විවිධ චෝදනාවලට,පාක්ෂිකයින්ගේ කිරීම්වලට ඇතුළු සියලු නිශේධනීය තත්ත්වයන්ට හේතු වී තිබෙන්නේ තමා වටා සිටින මේ මලික් සමරවික්රමලා ඇතුළු කණ්ඩායම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගනිමින් සිටින බව යැයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අවසරය හමුවේ මලික් සමරවික්‍රම මහතාට එරෙහි සිය චෝදනා පත්‍රය යළි දිග හරිමින් හේෂා විතානගේ,චමින්ද විජේසිරි සහ තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් ඇතුළු පසු පෙළ මන්ත්‍රීවරු මෙසේ පැවසූහ.
“ මලික් සමරවික්‍රම මේ එක්සත් ජාතික පක්ෂයට සහ පෙරමුණට විශාල බරක් වගේම හානියක් පමණක් නොව ඔහු ඇත්ත වශයෙන්ම අප සියලු දෙනාට මහ පිළිලයක් බව කිව යුතුයි.
ඔහු උදේ සිට රෑ වන තුරුම කරන්නේ ඔහුට දිර වන්නේ නැති පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රධාන මන්ත්‍රීවරුන්ගේ කකුලෙන් ඇදීම ඒ අයට වළ කැපීම සහ ඒ අයට විරුද්ධව බොරු කේලාම් කියා පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ගැටුම් වගේම අසමගිය ඇති කිරීමයි.
අප එතුමා හමුවීමට එතුමාගේ අමාත්‍යංශයට ගියාම සිය කර්යාලයේ දොර වසා ගන්නා එතුමා තමා නොමැති බව අපට දැනුම් දෙන්න යැයි සිය සේවක සේවිකාවන්ට කියනවා.
අමාත්‍යංශයට ගිය අවස්ථාවක එතුමා මුණ ගැසීමට කලාතුරකින් අවස්ථාවක් හිමි වුණත් ඒ සඳහා පැය තුන හතරක් බලා ගෙන සිටීමට සිදු වනවා. ඒ වගේම මලික් සමරවික්‍රම ඇතුළු මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් ජංගම දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට මන්ත්‍රීවරුන් වශයෙන් බොහෝ විට අපට ද හැකියාවක් ඇත්තේ නැහැ. මලික් සමරවික්‍රම ඇතුළු මේ මැති ඇමැතිවරුන් කිහිප දෙනා මන්ත්‍රීවරුන් වන අපටත් සලකන්නේ මෙහෙම නම් මේ අය අන්ත අහිංසක සහ අසරණ එක්සත් ජාතික පාක්ෂිකයින්ට කෙසේ සලකනවා ඇද්ද ..?
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් රුපවාහිනී විවාදවලට අප යන විට මලික් සමරවික්‍රම මහතාට දුරකතනයෙන් අනන්තවත් කතා කරනවා එහෙත් එතුමා අපගේ දුරකතනයට පිළිතුරු ලබා දීමට දුරකථනය උස්සන්නේවත් නැහැ. අප ඔහුට එසේ කතා කරන්නේ සංවර්ධන උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට කෙතරම් විදේශ ආයෝජන ප්‍රමාණයක් ලාබී තිබෙනවද යන්න පිළිබඳ ඇතුළු නිල තොරතුරු ලබා ගැනීම සඳහායි.
අප ඒ තොරතුරු ඉල්ලා සිටින්නේ ඒ රුපවාහිනී විවාදවලදී අපේ විරුද්ධවාදීන් සහ මාධ්‍යවේදීන් අපෙන් අහන ප්‍රශ්නවලට තාර්කිකව සහ දත්ත මත පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුව රැක ගැනීම සදහායි.
එසේ තිබියදී මලික් සමරවික්‍රම මහතා ඒ තොරතුරු අපට ලබා නොදෙනවා කියන්නේ එක්කෝ ඔහු උපාය මාර්ගික සංවර්ධනය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස සැලකිය යුතු විදේශ ආයෝජන ප්‍රමාණයක් ඔහු රටට ගෙන විත් නොතිබිය යුතුයි. නැති නම් ඔහු ආණ්ඩුවේ , අග්‍රාමාත්‍යවරයාගේ සහ අපේ දේශපාලන සතුරකු විය යුතුයි.
මේ අතර අපේ මන්ත්‍රීවරුන් කතා කළොත් උපාය මාර්ගික සංවර්ධනය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසට ද මලික් සමරවික්‍රම මහතා සිය නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
මේ සියලු කරුණු කාරණාත්, මලික් සමරවික්‍රම මහතාට එල්ල වී තිබෙන දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනාත් රට වටේම පාක්ෂිකයින් ඔහු ප්‍රතික්ෂේප කරන ආකාරයත් ගැන හොදින් සිතා ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්න යැයි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අප ඉල්ලා සිටිනවා.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
