අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපෙ ජනපති අපේක්ෂක ගල උඩ සටන ඇරඹේ..!

එජාපෙ ජනපති අපේක්ෂක ගල උඩ සටන ඇරඹේ..!

නම් හතරක් කරළියට..! “රාජිත-පාඨලී” කෙරෙහිත් අවධානය..! කවුරු ඉස්සර වෙයිද..? සැඟ වුණු අපේෂකයා හොයමුද..? සජිත් රනිල් එක්ක එකඟතාවයකට පැමිණියා ද ..? සජිත් ජනපති අපේක්ෂකයා වෙයිද..? අගමැති අපේක්ෂකම භාර…

නම් හතරක් කරළියට..!

“රාජිත-පාඨලී” කෙරෙහිත් අවධානය..!

කවුරු ඉස්සර වෙයිද..?

සැඟ වුණු අපේෂකයා හොයමුද..?

සජිත් රනිල් එක්ක එකඟතාවයකට පැමිණියා ද ..?

සජිත් ජනපති අපේක්ෂකයා වෙයිද..?

අගමැති අපේක්ෂකම භාර ගනීද..?

එජාප පසු පෙළින් “රනිල්ට-සජිත්ට” විරෝධය..!

  එජාපෙ ජනපති අපේක්ෂක ගල උඩ සටන ඇරඹේ..!

එජාපෙ ජනපති අපේක්ෂක ගල උඩ සටන ඇරඹේ..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් හතරක් යෝජනා වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් අවසන් සහ පොදු එකඟතාවයකට මෙතෙක් පැමිණීමට නොහැකිවීම හේතුවෙන් එම පෙරමුණ අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෙසේ යෝජනා වෙමින් පවතින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරු ජයසූරිය,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ය.

මේ අතර දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහි ද එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙමින් තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ එම පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට පිළි ගත හැකි සහ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි  එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු  විය යුතු අතර ඔහු පොදු අපේක්ෂකයකු ලෙස සියලු දෙනාට එක් විය හැකි පොදු ලකුණකින් සහ පොදු බලවේගයක නමකින් ඉදිරිපත් කළ යුතු බවය.

එක්සත් ජාතික පෙරමුණේ පිරිසකගේ ස්ථාවරය වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මේ වන විටත් පොදු එකඟතාවයක් ඇති වී තිබෙන බව ද  එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වයටත් ඔහු ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට උත්සහයටත්  එරෙහිව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් වගේම පසු පෙළ මන්ත්‍රීවරුන් බහුතරය මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරයේත් එළිපිටත් ආරම්භ කර තිබෙන සටනට සජිත් ප්‍රමදාස මහතා එළියට පැමිණ නායකත්වය නොදෙන්නේ මේ කියන එකඟතාවය නිසා යැයි එම පසු පෙළ මන්ත්‍රීවරු චෝදනා කරති.

සජිත් ප්‍රේමදාස මහතා මේ සටනට නායකත්වය දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගෙන 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව පෙන්වා දෙන එම  පසු පෙළ මන්ත්‍රීවරු එසේ නොවුණහොත් ඔහුට විකල්ප නායකයකු වටා ඒකරාශීවීමට සිය කණ්ඩායමට සිදු වනු ඇති අතර එසේ වුණොත් නායකත්වය ලබා ගැනීමට ඔහුට තිබෙන අවසන් අවස්ථාවත් ගිළි හෙනු ඇතැයි ද පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධන පක්ෂයේ සියලු පාර්ශවයන්ගේ ආශීර්වාදය ඇතිව ලබා දෙන පක්ෂයේ ඕනෑම වගකීමක් සහ කාර්ය භාරයක්  ඉටු කිරීමට තමා සුදානම් බවය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ගණනාවකගේ ද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද එම පක්ෂයට මතවාදීව සහය පළ කරන සර්වාගමික නායකයින්,සිවිල් ක්‍රියාකාරීන්,වෘත්තීයවේදීන් වගේම විද්වතුන් පිරිසකගේ ද  ස්ථාවරය වී තිබෙන්නේ ජනපති අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ යුතුය යන්නය.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද හොඳ විකල්ප අපේක්ෂකයකු බව එම කණ්ඩායම් පෙන්වා දෙන අතර ඒ වගකීම තමාට භාර දෙනවා නම් ඊට තමා සුදානම් බව සරත් ෆොන්සේකා මහතා මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කෙරෙහිද එකසත් ජාතික පෙරමුණේ විශේෂ අවධානය යොමු වී තිබෙන අතර ඒ පිළිබඳව ද විවිධ මට්ටමෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපෙ ජනපති අපේක්ෂක ගල උඩ සටන ඇරඹේ..! | Lanka Newsweek