අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..!

එජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!

සිය ජන ප්‍රසාදය 25% දක්වා අඩු කර ගනිමින්අ ගමැතිවරයා පස් වැනි ස්ථානයට..! දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..! සිව් වැනියා පාඨලී චම්පික..! අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා…

සිය ජන ප්‍රසාදය 25% දක්වා අඩු කර ගනිමින්අ ගමැතිවරයා පස් වැනි ස්ථානයට..!

දෙවැනි ස්ථානය සජිත්ට-තෙවැනි ස්ථානය නවීන්ට..!

සිව් වැනියා පාඨලී චම්පික..!

අගමැතිට කතරට කර සටනක් දෙමින් සභා නායකයා හය වැනියා වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා බව එම පෙරමුණේ පාක්ෂිකයින්  ඇතුළු  සමස්ථ ජනයා සම්බන්ධ කර ගනිමින් කෙරුණු විශේෂ ජන සමීක්ෂණයකින්  හෙළි වී තිබේ.

මේ ජන සමීක්ෂණය සිදු කර තිබෙන්නේ  කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, අචාර්ය සහ විද්‍යාර්තීන්ගෙන් සමන්විත  ස්වාධීන සමීක්ෂණ ඒකකයක් මඟින් වන අතර මේ ජන සමීක්ෂණයට අනුව කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට රටේ සමස්ත ජනතාවගෙන් 58.95%ක් මත පළ කර තිබේ.

දැන්වීම

එම ජන සමීක්ෂණයට  අනුව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ මුලින්ම සහ ඉහළින්ම සිටින්නේ කරු ජයසූරිය මහතා වන අතර එහි දෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය  නායක සජිත් ප්‍රේමදාස මහතාටය.එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට ජනතාවගෙන් 49.45%ක් මත ප්‍රකාශ කර තිබේ.

නැගී එන තරුණ නායකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ජනතාවගෙන් 46.56%ක් මත ප්‍රකාශ කර ඇති අතර මේ අනුව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා සිටින්නේ ඔහුටත් පහළිනි.එම සමීක්ෂණයට අනුව පාඨලී චම්පික මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි කියා තිබෙන්නේ ජනතාවගෙන් 45% කි.

මේ සමීක්ෂණයෙන් හෙළි වී ඇති විශේෂතම කාරණය වන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ජනතාවගෙන් 25.28%ක් වැනි සුළුතරයක් කියා සිටිද්දී, සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සමස්ථ ජනතාවගෙන් 20.54%ක ජනතා  ප්‍රසාදයක් හිමිව තිබීමය.

දොස්තර රාජිත සේනාරත්න මහතාට 18%ක ජනතා කැමැත්තක් හිමිව තිබෙන අතර මංගල සමරවීර මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි කියා  ඇත්තේ ජනතාවගෙන් 10%කි.

මේ අනුව පැහැදිලළි වන්නේ කොළඹ විශ්ව විද්‍යාලය මඟින් සිදු කෙරුණු මේ ජන සමීක්ෂණයට අනුව  එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකයින් ඇතුළු ජනතාව අතර පළමු ස්ථානය කරු ජයසූරිය මහතාට ද, දෙවැනි ස්ථානය සජිත් ප්‍රේමදාස මහතාට ද, තෙවැනි ස්ථානය නවීන් දිසානායක මහතාට ද හිමිව ඇති බවය.

මේ සමීක්ෂණයට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා දිනා ගෙන සිටින සිව් වැනි ස්ථානයටත් පහළින්, එනම් පස් වැනි ස්ථානයේය. මේ සමීක්ෂණයෙන් හෙළිවන තවත් වැදගත් කාරණයක් වන්නේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 20.54%ක ජනතා ප්‍රසාදයක් දිනා ගනිමින්, 25.28%ක ජනතා ප්‍රසාදයක් හිමි කර ගෙන සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කරට කර පැමිණ සිටින අතර ඔහු රාජිත සේනාරත්න සහ මංගල සමරවීර යන මහත්වරුන්ට ඉදිරියෙන් සිටීමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ..! | Lanka Newsweek