එජාපය හැර ගිය සියලු දෙනාට සජිත් ප්‍රේමදාසගෙන් ගෞරවනීය ආරාධනයක්..!

(සුජිත් මංගල ද සිල්වා) විවිධ මතවාද ඇතුළු කරුණු කාරණා හේතුවෙන් පක්ෂය අතහැර ගොස් සිටින පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට වගේ ම පාක්ෂික පාර්ක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය…
(සුජිත් මංගල ද සිල්වා)
විවිධ මතවාද ඇතුළු කරුණු කාරණා හේතුවෙන් පක්ෂය අතහැර ගොස් සිටින පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට වගේ ම පාක්ෂික පාර්ක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර වීම සඳහා පක්ෂය සමග යළි එකට ඒකරාශී වන්නැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආරාධනා කර සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු පාර්ශවයන් වෙත ගෞරවනීය ආරාධනයක් කරමින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.