එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් යළි පක්ෂයට

රට පුරා ජනතාව ජනපති වටා ඒකරාශී වෙලා එජාපයේ ජන බලය මැයි දිනයේ දී රටට පෙන්වනවා විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු…
රට පුරා ජනතාව ජනපති වටා ඒකරාශී වෙලා
එජාපයේ ජන බලය මැයි දිනයේ දී රටට පෙන්වනවා
විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
එම පාක්ෂිකයින් ප්‍රධාන වැඩ කරන ජනතාව සමග එක්ව එළඹෙන ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වා දෙන්නේ යැයි ද රවී කරුණානායක මහතා කියා සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරවා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි දක්වන බව ද එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
දැන්වීම
පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි ද, එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින්නේ යැයි ද, රවී කරුණානායක මහතා .පවසයි.
එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද හෙතෙම කියා සිටියි.
ඇපකැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය නිර්මාණය කරමින් සිටින්නේ යැයි ද, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැතැයි ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.