එජාපය සමාගමක් වෙයි-ප්‍රධාන විධායක සාගල රත්නායක..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

ජාතික නායකයකු වෙන්න ජාතික ඇඳුමට බැහැලා..! සගලගේ තොරතුරු විකී එළියට දීලා..! (සුජිත් මංගල ද සිල්වා) ප්‍රධාන විධායක නිලධාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කර එම තනතුර තමාට ලබා දෙන්න යැයි තරුණ…
ජාතික නායකයකු වෙන්න ජාතික ඇඳුමට බැහැලා..!
සගලගේ තොරතුරු විකී එළියට දීලා..!
(සුජිත් මංගල ද සිල්වා)
ප්‍රධාන විධායක නිලධාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කර එම තනතුර තමාට ලබා දෙන්න යැයි තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ තමාට තනතුරක් නොලැබීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය බලවත් කනස්සල්ල පළ කර ඇති ඔහු සමග අමනාප වී මාතර දෙනියායේ සිය මහ ගෙදර බලා ගොස් සිටින සාගල රත්නායක මහතා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ ඊයේ (06) පැවති මැයි රැළියට ද සහභාගී නොවිණ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැරණි සහ ජ්‍යෙෂ්ඨතම නායකයකුගෙන් “lankanewsweek” කළ විමසීමේදී ඔහු කියා සිටියේ ප්‍රධාන විධායක නිලධාරීන් සිටින්නේ දේශපාලන පක්ෂවල නොව පෞද්ගලික සමාගම්වල බවය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලා ගෙන සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයත් පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට යනවා ද යන්න පිළබඳව නම් නොදන්නා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විධායක නිලධාරියකු පත් කළ යුතු බවට රුවන් විජයවර්ධන කමිටුව ද යෝජනා කර ඇති අතර එම කමිටුව සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන්නේ එම තනතුර සඳහා දේශපාලනය නොකරන පූර්ණකාලීනයකු පත් කළ යුතු බවටය.
මේ අතර තමාට එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් නොලැබීම සම්බන්ධයෙන් සිය මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන් සමග අතිශය කලකිරීමෙන් යුතුව කතා කර ඇති සාගල රත්නායක මහතා උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඇමතිවරයකු ලෙස තමා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යපෘති ඇතුළු වැඩ කටයුතු සඳහා විධිමත් ප්රචාරක ව්‍යාපෘතියක් මගින් පුළුල් ප්‍රචාරයක් ලබා ගෙන ඉදිරියට ආ යුතුව ඇතැයි ද අවධාරණය කර ඇත.
ඒ අනුව ජාතික දේශපාලන නායකයකු ලෙස ඉදිරියේදී මතු වීම සඳහා ජාතික, ආගමික සහ සංස්කෘතික වශයෙන් වැදගත් වන සෑම අවස්ථාවකටම ජාතික ඇඳුම ඇඳීමට ද සාගල රත්නායක මහතා තීරණය කර තිබේ.
එම තීරණයට අනුව සාගල රත්නායක මහතා ජාතික ඇඳුමින් සැරසී මුලින්ම කරළියට පැමිණයේ බ්‍රහස්පතින්දා (03) උදැසනම කතරගම, ඓතිහාසික වැඩ සිටි කන්ද පූජා භූමිය වෙත පැමිණ විහාරය සහ වැඩ සිටිකන්ද දේවාලය වැඳ පුදා ගනිමිනි.
මේ අතර සාගල රත්නායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර දෙනියායේ ගිය සිද්ධිය සහ ඔහු මැයි රැළිය සහභාගී නොවීමට ගෙන තිබූ තීරණය පිළබඳ තොරතුරු එළියට ගොස් තිබෙන්නේ එම ප්රශ්නය විසඳීම සඳහා අගමැතිවරයාගේ අනුදැනුම මත මාතර දෙනියායට ගොස් සාගල රත්නායක මහතා හමුවූ අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගෙන් බවට ද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
