එජාපය විකුණා කෝටි ගණන් සල්ලි ගරන මලික් සමරවික්‍රමගේ විදේශීය ගිණුම් හෙළි වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

2004 සිට 2015 දක්වා කෝටි 1,267ක් ගිලලා..! එජාප අරමුදල් ගැන පක්ෂ අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කෙරේ..! ඉතිහාසයේ කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට රුපියල්…
2004 සිට 2015 දක්වා කෝටි 1,267ක් ගිලලා..!
එජාප අරමුදල් ගැන පක්ෂ අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කෙරේ..!
ඉතිහාසයේ කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ..!
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයට රුපියල් කෝටි ගණනින් දෙස් විදෙශ් ආධාර කොල්ල කන උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ විදේශීය බැංකු ගිණුම්වල තොරතුරු “lankanewsweek” වෙත මේ වන විට ලැබී තිබේ.
විදේශීය රටවල තිබෙන මලික් සමරවික්‍රම මහතාගේ එම බැංකු ගිණුම්,ඊට අදාළ ගිණුම් අංක,එම රටවල් සහ එම බැංකුවල විස්තර මෙසේය.
01.KENWORLD TRADE CO., LTD,HSBC, Queen’s Road, Central, Hong Kong. Account Number: 002-x-xxx669 (USD Account)
03.PENINSULA INTERNATIONAL HOLDINGS LIMITED,HSBC Queen’s Road, Central, HongKong. Account Number: 502-xxx5xx-274 (USD Account)
04.Peninsula International Holdings Limited,Company Number : 16xxx9B, Bahamas.
05.Peninsula International Limited,Company Number:1xx9,Bermuda.
ඉහත බහමාස් සහ බර්මියුඩා රටවල තිබෙන මලික් සමරවික්‍රම මහතාගේ බැංකු ගිණුම්වල අංක ඇතුළු තොරතුරු පමණක් “lankanewsweek” කණ්ඩායමට සොයා ගැනීමට නොහැකි වූයේ ලෝකයේ කුප්‍රකට කොටිපතියන්ගේ කළු සල්ලි තැන්පත් කර ගැනීමට ඉඩ සලසමින් ඊට ආරක්ෂාව ලබා දෙන එම බැංකුවලින් කිසිම රහස් තොරතුරක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන නිසාය.
ජනාධිපතිවරණ ඇතුළු සෑම මැතිවරණයකදීම ධනවත් සහ බලවත් දෙස් විදෙශ් එක්සත් ජාතික පාක්ෂිකයින්,සංවිධාන,සහ සමාගම් ලබා දෙන සියලුම මුදල් බැර කෙරෙන්නේ මලික් සමරවික්‍රම මහතාගේ මේ විදෙශ් බැංකු ගිනුම්වලටය.
එංගලන්තය සහ කැනඩාව ඇතුළු ලෝකයේ දියුණු රටවල සිටින ශ්‍රී ලංකික එක්සත් ජාතික පාක්ෂිකයින් විවිධ වැඩ සටහන් සංවිධානය කරමින්මුදල් එකතු කර 2004 ජූලි මාසයේ සිට 2015 දක්වා මසකට ඇමරිකානු ඩොලර් 25,000 බැගින් මලික් සමරවික්‍රම මහතාගේ මේ විදේශීය ගිණුම්වලට බැර කර තිබේ.
ඊට අමතරව 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ද,2010 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් ද,2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලයන 8ක් ද විදේශ රටවල පදිංචි එක්සත් ජාතික පාක්ෂිකයින් වන ශ්‍රී ලංකික තරුණ තරුණියන්,ව්‍යාපාරිකයින් සහ විවිධ සංවිධාන මලික් සමරවික්‍රම මහතාගේ මේ විදේශීය ගිණුම්වලට බැර කර තිබේ.
එමෙන්ම ඉදියාවේ සිටින සිංහල සහ ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයින් ඉතාලියේ සිටින සිය මිත්‍රයින්,ව්‍යාපාරිකයින් සහ විවිධ සංවිධාන සමග එක්ව 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ද මේ විදේශීය ගිණුම්වලට බැර කර ඇත.
ඒ කියන්නේ “lankanewsweek” වෙත දැනට ලැබී ඇති සීමිත තොරතුරුවලට අනුව පමණක් 2004 සිට 2015 දක්වා මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු සඳහා යැයි කියමින් විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඇතුළු ඒ රටවල දේශපාලන සහ පෞද්ගලික සම්බන්ධතා ඔස්සේ සිය විදේශීය ගිණුම්වලට ඇමරිකානු ඩොලර් මිලියන 49 ½ ක් පමණ බැර කර ගෙන තිබේ.
මේ අතර 2015 ජනාධිපතිවරණ සමයේදී ජනපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිංගප්පූරුව හරහා හොංකොං නුවර බලා ගිය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග සහ මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25ක ආධාර මුදලක් ද ලැබී තිබේ.
ඒ කියන්නේ 2014 සිට 2015 දක්වා පමණක් අපට ලැබී තිබෙන තහවුරු කරනු ලැබූ නිල තොරතුරු අනුව දේශීය ආධාර නොමැතිව විදේශීය ආධාර පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 73,15,000ක් එමන්ම් රුපියල් කෝටි 1267ක් ඉක්ම වූ අති විශාල මුදලක් මලික් සමරවික්‍රම මහතාගේ මේ විදේශීය ගිණුම්වලට බැර වී තිබේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනයක මහතාගෙන් “lankanewsweek”කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
“ජාතික මැතිවරණ ඇතුළු සෑම මැතිවරණයකදීම ඊට අදාළව ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා,මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වශයෙන් මා වත් ඒ කමිටුවට ඇතුළත් කරන්නේ නැහැ.ඒ නිසා ඒ ලැබුණු රුපියල් කෝටි ගණන් සල්ලිවලට කුමක් සිදු වුණාද කියා මමවත් දන්නේ නැහැ.
ඒ ඒ මැතිවරණ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ඇතුළු සංවිධායකවරුන්ට සල්ලි බෙදුවේ මේ මලික් සමරවික්‍රම මහතා ප්‍රධාන කමිටුවෙනුයි.එමෙන්ම ඒ සල්ලි බෙදුවේ සියලු දෙනාට පොදුවේ එකහා සමානව නොවෙයි.
2015 ජනාධිපතිවරණයට පෙර බොහෝ මැතිවරණවලදී මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකවරුන්ට දුන්නේ ලක්ෂ 10 සිට 25 දක්වා මුදලක් වන අතර 2015 ජනාධිපතිවරණයේදී ලක්ෂ 20 සිට බෙදා තිබෙන අතර සමහරුන්ට ලක්ෂ 600 පවා දී තිබෙනවා.
ජාතික මැතිවරණ ඇතුළු මැතිවරණවලදී ලැබුණු රුපියල් කෝටි ගණන් ආධාර මුදල් වියදම් කළේ කෙසේ ද,ඒ කුමක් සඳහා ද,කොපමණ මුදලක් ද, සහ ආධාර වශයෙන් කෙතරම් මුදලක් ලැබුනද ද යන්න පිළිබඳව ඉතිහාසයේ කවදාවත් විනිවිධ භාවයෙන් යුතු ගිණුම් වාර්තාවක් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ චංචල සහ නිශ්චල දේපොළ,එනම් මුදල් ඇතුළු වත්කම්,අදායම් සහ වියදම් සම්බන්ධයෙන් කවදාවත් විධිමත් විගණන වාර්තාවක් ද ඉදිරිපත් කර නැහැ.”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
