අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය වනසන භූතයින් දෙදෙනා පන්නා නොදැමුවොත් අනාගතයක් නැහැ

එජාපය වනසන භූතයින් දෙදෙනා පන්නා නොදැමුවොත් අනාගතයක් නැහැ

එක්සත් ජාතික පක්ෂය වනසන භූතයින් දෙදෙනා පළවා හරින තුරු පක්ෂයට සහ පාක්ෂිකයින්ට කිසිදු අනාගතයක් නැතැයි එම පක්ෂයේ ජාතික මහා ලේකම්, හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය…

එක්සත් ජාතික පක්ෂය වනසන භූතයින් දෙදෙනා පළවා හරින තුරු පක්ෂයට සහ පාක්ෂිකයින්ට කිසිදු අනාගතයක් නැතැයි එම පක්ෂයේ ජාතික මහා ලේකම්, හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂය සහ තමා සමග කාලයක් මුළුල්ලේ දේශපාලනය කරමින් පක්ෂයට සහ පාක්ෂිකයාට විශාල සේවයක් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් රැසකට පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂයෙන් නාම යෝජනා ලැබී නොමැති බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා එම පිරිස මේ අසාධාරණයට ලක්ව ඇත්තේ මේ භූතයින් දෙදෙනාගේ බලපෑම මත බව ද කියා සිටියි.

ඒ අනුව එම පිරිස විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ දී තමා ඔවුන්ට සිය පූර්ණ සහය ලබා දෙන බව ද රවී කරුණානායක මහතා සඳහන් කර සිටියි.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ පක්ෂ එකට එක් වී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන නගරාධිපතිවරයකු කොළඹට පත් කර ගන්නා බව ද එම පක්ෂයේ ජාතික මහා ලේකම් රවි කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ එකට එක්ව රට-ජනතාව වෙනුවෙන් පොදු විපක්ෂයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න