එජාපය දෙකඩ වෙයි-හංසයා යළි කරළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අලුත් දේශපාලන පක්ෂයක් බිහි වෙයි..! “හංසයා”වටා එජාප පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..! එජාපයේ කොටසක් "පොහොට්ටුව" ආදර්ශයට ගනී..! තිස්ස අත්තනායකත් තීරණයක් ගන්න යයි..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ…
අලුත් දේශපාලන පක්ෂයක් බිහි වෙයි..!
“හංසයා”වටා එජාප පාක්ෂිකයින් ඒකරාශී කෙරේ..!
එජාපයේ කොටසක් "පොහොට්ටුව" ආදර්ශයට ගනී..!
තිස්ස අත්තනායකත් තීරණයක් ගන්න යයි..?
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ සහ නායකයාගේ ක්‍රියා කලාපයට එරෙහිව රට පුරා සිටින පාක්ෂිකයින් ඇතුළු සියලු පාර්ශවයන් “හංසයා” ලකුණ යටතේ එකට ඒකරාශී කර නව සහ පුළුල් ජාතික දේශපාලන පෙරමුණක් ගොඩනැගීමේ කටයුතු එම පක්ෂයේම ප්‍රබලයින් කණ්ඩායමක් මේ වන විට ආරම්භ කර තිබේ.
විවිධ අසාධාරණයන්ට,කලකිරීම්වලට,දේශපාලන පළි ගැනීම්වලට,නොසලකා හරීම්වලට ලක්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් ද, මේ වන විට පක්ෂය හැර ගොස් සිටින අය ද, පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ සහ නායකයා පිළි නොගන්නා අය ද ඇතුළු සියලු පාර්ශවයන් මෙසේ එකට ඒකරාශී කෙරේ.
මේ වැඩ පිළිවෙළ පිටු පස එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ පිළි නොගන්නා මන්ත්‍රීවරුන් විසි පහ කණ්ඩායම ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨන් කිහිප දෙනකු ද සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එහි ප්‍රබල භූමිකාවක් සිදු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
මෙම නව ජාතික දේශපාලන පෙරමුණ,එහි අරමුණ සහ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහ සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් සහ සිවිල් සංවිධාන ද දැනුම්වත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර ඒ ඔස්සේ එම බලවේග ද මේ පෙරමුණ වටා එකට ඒකරාශී කර ගැනීමට අපේක්ෂා කෙරේ.
ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ,නායකයින් සහ පුද්ගලයින් සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම දේශපාලන දිගුව ලෙස ඊට එරෙහිව “පොහොට්ටුව” ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගුවා වගේ මේ නව ජාතික දේශපාලන පෙරමුණ ගොඩනගන බව එහි ප්රබලයයෙක් “lankanewsweek” සමග පැවසීය.
මේ තීරණය ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි උඩ සිට පහළට පක්ෂයේ පුළුල් සහ සාධාරණ ප්රතිසංස්කරණයක් සිදු නොකිරීම වගේම ඔහුගේ ක්‍රියා කලාපයටත් දේශපාලන උපාය උපක්‍රමවලටත් එරෙහිව බව ද ඔහු සඳහන් කළේය.
පාක්ෂිකයින් ඇතුළු ජනතාවගේ අවශ්‍යතා,ප්‍රශ්න සහ හද ගැස්ම හඳුනා ගත හැකි සාධාරණය ඉටු කරන,ජනතාවාදීව ක්‍රියා කරන,දේශප්‍රේමීත්වයෙන් සහ සමානාත්මතාවයෙන් යුතු දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ නව ජාතික දේශපාලන පෙරමුණ ගොඩනගන බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2