අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය දුරාවට දක්වයි..!

එජාපය දුරාවට දක්වයි..!

පෑගුණු ගොම රිටි උඩ එයි-තිරිවානා ගල් යට යයි..! "සජිත්-රවී" හප්පන දුරාවේ මෙහෙයුම එළියට..! ජාති-ආගම්-කුල භේදයෙන් තොර එජාප මහා සම්ප්‍රදාය රකිමු..! එක ජාතියකට,ආගමකට සහ කුලයකට සීමා නොවූ ජාති වාදය,ආගම් වාදය…

පෑගුණු ගොම රිටි උඩ එයි-තිරිවානා ගල් යට යයි..!

"සජිත්-රවී" හප්පන දුරාවේ මෙහෙයුම එළියට..!

ජාති-ආගම්-කුල භේදයෙන් තොර එජාප මහා සම්ප්‍රදාය රකිමු..!

එජාපය දුරාවට දක්වයි..!

එක ජාතියකට,ආගමකට සහ කුලයකට සීමා නොවූ ජාති වාදය,ආගම් වාදය වගේම කුල වාදය සපුරා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාවේ එකම සහ තනි විශාලතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, කුල වාදී පදනමක් යටතේ මෙහෙයවීමට එම පක්ෂයේ එක්තරා පිරිසක් කාලයක් මුළුල්ලේ උත්සහ දරමින් සිටින බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වගේම පසු පෙළ මන්ත්‍රීවරු විශේෂ හෙළිදරව්වක් කරමින් පෙන්වා දෙති.

කුල වාදී පදනමක් යටතේ එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන මේ ක්‍රියාදාමයේ නියමුවා වන්නේ මලික් සමරවික්‍රම මහතා බවත් පක්ෂය අභ්‍යන්තරයේදී ඔහු වැඩිපුරම සලකන්නේ සහ පෙනී සිටින්නේ ඔහුගේ කුලය වන “දුරාව” නියෝජනය කරන අයට බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් “lankanewsweek” සමග පැවසූහ.

ඔහුගේම කුලය නියෝජනය කරන මංගල සමරවීර මහතාවත් ඔහු මේ ක්‍රියාදාමය සඳහා ඈඳා ගෙන සිටින බවත්, එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ “මලික්-මංගල” සුසංයෝගය නිර්මාණය වී තිබෙන්නේ මේ කියන “කුල” පදනම මත බවත් පෙන්වා දුන් එම පිරිස මේ අයගේ කතුරට හසු වී වැඩිපුරම කැපී යන්නේත්,මේ අයගේ අසාධාරණයන්ට සහ නොසලකා හැරීම්වලට ලක් වන්නේත් “ගොවිගම” අය බව ද පෙන්වා දුන්හ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සමග මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මහත්වරුන්ට අතිශය සමීප සබඳතාවයක් පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ ද ඔහුත් මේ “දුරාව” කුලය නියෝජනය කිරීම වන අතර මලික් සමරවික්‍රම මහතා මේ දිනවල උත්සහ කරමින් සිටින්නේ මහින්ද අමරවීර මහතා කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට ගෙන ඔහුට පක්ෂයේ  හම්බන්තොට නායකත්වය දී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹට ගෙන්වා ඔහු කොළඹ දිස්ත්‍රික් නායකත්වයට පත් කර ඔහුත් රවී කරුණානායක  මහතාත් හැප්පීමට බවද ඔවුහූ පෙන්වා දුන්හ.

ගෝලීය,නවීන සහ දියුණු දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය, එහි ඇතැම් නායකයින් මෙසේ යල් පැන ගිය,දියුණු ලෝකය ප්‍රතික්ෂේප කරන සහ බුදු දහමට සපුරා විරුද්ධ කුල වාදී පදනමක් මෙහෙයවීමට උත්සහ දැරීම නිර්ලජ්ජිත බව අවධාරණය කර සිටී එම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අයගෙන් පරිස්සම් විය යුතු යැයි ද අනතුරු ඇඟවීය.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සැඟව පවතින මේ තත්ත්වය හෙළිදරව් කරන්නේ මේ අයගෙන් පක්ෂයත්, නායකයාත්,ජාති-ආගම්-කුල භේදයෙන් තොර පක්ෂයේ අභිමානයත් රැක ගැනීමේ අරමුණින් යැයි ද,කුල වාදී පදනමෙන් මේ කළ කී දෑ ඉදිරියේදී තවදුරටත් හෙළි කරන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිස අවධාරණය කළහ.

මහාමාන්‍ය ඩී එස් සේනානායක ශ්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළේ සියලු කුල නියෝජනය කරන සියලු ජාතීන් සහ ආගමිකයින් වෙනුවෙන් විනා එක ජාතියක,ආගමක,කුලයක හෝ පංතියක් වෙනුවෙන් හෝ ඒ ඒ අයගේ උන්නතිය,අරමුණු,තත්ත්වය,බලය හෝ ව්‍යාප්තිය සඳහා නොවන්නේ යැයි ද ඔවුහූ සිහිපත් කළහ.

එජාපය දුරාවට දක්වයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපය දුරාවට දක්වයි..! | Lanka Newsweek