අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා

එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා

රුවන් විජයවර්ධනට ඇපත් නැහැ සාමාජිකයින් බඳවා ගැනීමේ වගකීම සාගලට ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ සංවිධානය කිරීමේ වගකීම අකිලට රුවන්-වජිර-රංගේ-රවී-නවීන්-අර්ජුන-දයා ගැන කතාවක්වත් නැහැ නව සාමාජික සාමාජිකාන් බඳවා…

රුවන් විජයවර්ධනට ඇපත් නැහැ 

සාමාජිකයින් බඳවා ගැනීමේ වගකීම සාගලට 

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ සංවිධානය කිරීමේ වගකීම අකිලට 

රුවන්-වජිර-රංගේ-රවී-නවීන්-අර්ජුන-දයා ගැන කතාවක්වත් නැහැ 

එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා

නව සාමාජික සාමාජිකාන් බඳවා ගනිමින් සහ ආණ්ඩුවට දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කරමින් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීමේ සහ විජයග්‍රාහී මවතාවට තල්ලු කිරීමේ අතිශය භාරධූර වගකීම එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ට පැවැරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව රට පුරා "ගෙන්ගෙට" ගොස් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නව සාමාජික සාමාජිකාවන් බඳවා ගනිමින් සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ වගකීම සාගල රත්නායක මහතාට පවරා ඇති අතර එම සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු පියවර 2022.03.12 සහ 13 යන දිනයන්හී දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

දැන්වීම

ආණ්ඩුවට එරෙහිව රට පුරා දේශපාලන ක්‍රියාකාරකම් සංවිධායනය කිරීමේ වහකීම එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පවරා ඇති අතර එම දේශපාලන ක්‍රියාකාරකම් යටතේ සංවිධානය කෙරෙන පළමු සත්‍ය ග්‍රහය 2022.03.25 වැනිදා කොළඹ "හයිඩ්" පිටියේ දී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පක්ෂ අභ්‍යන්තරයේ අත්ව ඇති දේශපාලන ඉරණම සහ ඔහුට දී තිබෙන ස්ථානය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති මෙම තීරණයෙන් මනාව පැහැදිලි වන බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ "lankanewsweek" සමග පැවැසීය.

දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙන සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් වැනි අය ඔසවා තබමින් සහ එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයින් වන රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ලක්ෂ්මන් විජේමාන්න සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ට කොකා පෙන්වා රනිල් වික්‍රමසිංහ මේ යන්නේ කොහේද යන ප්‍රශ්නය මතු වන්නේ යැයි ද එම තරුණ තරුණියෝ පැවැසූහ.

එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපය ගොඩගැනීමේ වගකීම රනිල් සාගලටයි අකිලටයි පවරලා | Lanka Newsweek