අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය කැඩුවේ තලතා අතුකෝරාළ

එජාපය කැඩුවේ තලතා අතුකෝරාළ

තලතා අතුකෝරාළ මඩේ හිටවූ ඉන්නක් වගේ තලතා අතුකෝරළ මහත්මියගේ දේශපාලන ක්‍රියාකලාපය සහ අය ගත්ත දේශපලන තීන්දුව සම්බන්ධයෙන් තමාට අතිශය කණගාටු යැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…

තලතා අතුකෝරාළ මඩේ හිටවූ ඉන්නක් වගේ 

තලතා අතුකෝරළ මහත්මියගේ දේශපාලන ක්‍රියාකලාපය සහ අය ගත්ත දේශපලන තීන්දුව සම්බන්ධයෙන් තමාට අතිශය  කණගාටු යැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය මේ බව කියා සිටියේ, ජනමාධ්‍ය හමුවේ සිය අදහස් ප්‍රකාශ කරමින් වන අතර එහිදී ඇය මෙසේ ද පැවසුවාය..

‘"තලතා අතුකෝරළ මැතිණියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මට හරි කණගාටුවක් තිබෙනවා. එතුමිය මම ඉතා ළඟින්ම ආශ්‍රය කළා. සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් මාව කඩා ගෙන ආවේත් එතුමියයි. රනිල් වික්‍රමසිංහ මහතාට දිනන්න හැකියාවක් නොමැති නිසා තමා දේශපාලනය අතහැර ගෙදර යනවා කියා එදා කිව්ව තලතා අතුකොරළ මැතිණිය තමයි මාව පැය 5- 6 ක් තමා ළඟ තබා ගෙන සිටිමින් අවසානයේ දී මගේ අත්සන පවා ලබා ගත්තේ.

 තලතා අතුකෝරළ මැතිණිය එදා කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාට කවදාවත් ජය ගන්න හැකියාවක් නැහැ කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා සමග ගොස් සමගි ජන බලවේගය නිර්මාණය කරමු කියා එදා එකසත් ජාතික පක්ෂය කැඩුවේ එතුමියයි. 

දැන්වීම

එතුමිය එදා එක්සත් ජාතික පක්ෂය කඩන විට එතුමියට හිතුණේ නැද්ද සජිත් ප්‍රේමදාස මහතා කවදා හරි එතුමියට ගරහාවි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් කියා එතුමා ළඟට යන එතුමිය කවදා හරි කියාවි එතුමාටත් බැහැ කියලා.එතුමිය මඩේ හිටවපු ඉන්නක් වගෙයි. එතුමිය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කරනවාලු. දේශපාලනය ගැන නිවැරදි තතක්සේරැවක් කර ගැනීමට නොහැකි තලතා අතුකෝරාල මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ එවැනි තනතුරකට පත් කර ගනී ද කියා ප්‍රශ්නයක් තිබෙනවා."

[කුමාරි පතිරාජ] 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපය කැඩුවේ තලතා අතුකෝරාළ | Lanka Newsweek