එජාපය එකතු වෙයි-ශ්රීලනිපය දෙකඩ වෙයි-පොහොට්ටුව පරවෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

"Mr. Clean" බලය තහවුරු කරයි..! ගෝඨා පාර්ශවය පරාදයි බැසිල් දිනුම්..! විමල් -උදය ඩලස්-මහින්දානන්ද අනාථයි ජනපති මෛත්‍රී තනි වෙයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග එකට එක්ව…
"Mr. Clean" බලය තහවුරු කරයි..!
ගෝඨා පාර්ශවය පරාදයි
බැසිල් දිනුම්..!
විමල් -උදය ඩලස්-මහින්දානන්ද අනාථයි
ජනපති මෛත්‍රී තනි වෙයි
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග එකට එක්ව ඒකාබද්ධ විපක්ෂය තමාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 26 කින් පරාජයට පත් කරමින් අති විශ්ෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට ටික වේලාවකට පෙර සමත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්ද 122 ක් ලැබෙද්දී ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 76ක් පමණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි නොකරමින් පාර්ලිමේන්තුවට ඒ මොහොතේ මන්ත්‍රීවරුන් 26 ක් නොපැමිණෙමින් ඡන්දය පවිච්චි කිරීමෙන් වැලකි සිටියහ.
මෙසේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටි මන්ත්‍රීවරුන් අතර එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතුරලියේ රතන හිමියන්ද ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු දෙදෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද ඇතුළු පිරිසක් සිටියහ .
ඒ අනුව මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25කි.
එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකි සිටියේ අතුරලියේ රතන හිමි පමණි.
මේ විශ්වාස භංග යෝජනාවට අදාළව පාර්ලිමේතුවේ සිදු කෙරුණු ඡන්ද විමසීමේ ප්‍රතිඵලයෙන් කියැ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වටා එකට ඒකරාශී වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුධය වඩා උත්සන්න වූ බව යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
විශ්වාස භංග යෝජනාවට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර අර්බූදයට හේතුවී තිබෙන්නේ, පාර්ලිමේන්තුවේ සංයුතිය ද බල තුලනයේ ස්වභාවය ද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වයන් ද ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂ ක්‍රියා කළ හැකි ආකාරය ද අනුව මේ මොහොතේ මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම තරයේ කියා සිටිද්දී ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන විමල් වීරවංශලා කෙසේ හෝ ඉදිරිපත් කළ මේ විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජය ගැනීමය.
මුල සිටම බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ කණ්ඩායමේ ස්ථාවරය වූයේ මේ විශ්වාස භංග යෝජනාව මගින් සිදු වන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබා ගත් ජයග්‍රහණය යට යන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස පරාජයට පත් කිරීමට නොහැකි වන නිසා ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් තව තවත් ශක්තිමත් වන බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2