එජාපය අලුත් වෙයි-දේශපාලන මණ්ඩලයකට බලය පැවරෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

වජිර -දයා -සුජීව -තලතා විසි වෙති..! (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී සහ උපාය උපක්‍රම තේරීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මග පෙන්වමින් අදහස් යෝජනා ද ගත යුතු…
වජිර -දයා -සුජීව -තලතා විසි වෙති..!
(සුජිත් මංගල ද සිල්වා)
දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී සහ උපාය උපක්‍රම තේරීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මග පෙන්වමින් අදහස් යෝජනා ද ගත යුතු ක්‍රියා මාර්ග ද පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට පහළොස් දෙනෙකුගෙන් යුත් විශේෂ දේශපාලන මණ්ඩලයක් පත් කරනු ලැබ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ මේ ජාතික දේශපාලන මණ්ඩලය පත් කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) අරලිය ගහ මන්දිරයේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් නිල බලයෙන් මේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අතර ඉතිරි සාමාජිකයින් දොළොස් දෙනා ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට එහිදී ඒකමතිකව තීන්දු කෙරිණ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු ඡන්ද විමසීමේදී බහුතරයේ කැමැත්ත ඇතිව එක්සත් ජාතික පක්ෂයේ මෙම ජාතික දේශපාලන මණ්ඩලයට රංජිත් මද්දුම බණ්ඩාර,මංගල සමරවීර , ගයන්ත කරුණාතිලක,අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු , ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර,රුවන් විජය වර්ධන, අශෝක ප්‍රියන්ත , ඉරාන් වික්‍රමරත්න, අජිත් .පී. පෙරේරා සහ නවින් දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරී පත් වුහ.
වජිර අබේවර්ධන, තලතා අතුකෝරාල , දයා ගමගේ සුජීව සේරසිංහ සහ බුද්ධික පතිරණ යන මහත්ම මහත්මීන් මේ දේශපාලන මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ඡන්දයෙන් තේරී පත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1