අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ 22ක් අගමැතිට කොකා පෙන්වන ලකුණු..?

එජාපයේ 22ක් අගමැතිට කොකා පෙන්වන ලකුණු..?

(සුජිත් මංගල ද සිල්වා) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දී සිය විශ්වාසය පළ කරමින් සයෝගය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු…

(සුජිත් මංගල ද සිල්වා)

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්  දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ දී සිය විශ්වාසය  පළ කරමින් සයෝගය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22ක් සුදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක්  "lankanewsweek" සමග තහවුරු කර පැවසීය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කර සිටින්නේ ඔහුට පාර්ලිමේන්තුවේ 118ක මන්ත්‍රී සංඛ්‍යාවක්  සිටින අතර ඒ බව ඔහු පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම  පෙන්වන බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙන්"lankanewsweek"කළ විමසීමේදී ඒ අය තහවුරු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙදෙනා සමඟ පාර්ලිමේන්තුවේ 130ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිය පක්ෂයට සහය පළ කිරීමට නියමිත  බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපයේ 22ක් අගමැතිට කොකා පෙන්වන ලකුණු..? | Lanka Newsweek