එජාපයේ සිව් පුද්ගල කල්ලියට හතර වටෙන්ම වදියි
සියලු “Deal” මාට්ටු-තොරතුරු විටින් විට එළියට..! විනාශයේ වගකීම කල්ලිය භාර ගත යුතුලු (සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා,…
සියලු “Deal” මාට්ටු-තොරතුරු විටින් විට එළියට..!
විනාශයේ වගකීම කල්ලිය භාර ගත යුතුලු

(සුමුදු පෙරේරා)
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා, සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වන විට එම පක්ෂ අභ්‍යන්තරයෙන් බරපතළ චෝදනා එල්ල වෙමින් පවතියි.
දැන්වීම
මේ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කණ්ඩායමේ සිරකරුවකු බවට පත් කර ගෙන සිය පුද්ගලික වාසි වෙනුවෙන් අගමැතිවරයාගේ නාමය සහ බලයත් ඒ අයගේ බලයත් අයුතු ලෙස පාවිච්චි කරමින් එක්සත් ජාතික පක්ෂයත් අගමැතිවරයාවත් විනාශ කරමින් සිටින බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
මේ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව කාලයක් මුළුල්ලේ දන්නා හඳුනන,ඔහුට සමීප සහ විශාල වශයෙන් උදව් කර ඇති එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු සාමාන්‍ය ජනතාව හැකි තරම් දුරට ඔහුගෙන් ඈත් කර තැබීමට සැලසුම් සහගත ලෙස ක්‍රියා කරමින් සිටින බව අගමැතිවරයාට සමීප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු “lankanewsweek” සමග පැවසීය.
මේ තත්ත්වය යටතේ මේ කණ්ඩායමට විරුද්ධ හෝ මේ කණ්ඩායම විරුද්ධ හෝ නොසැලකිය යුතු පුද්ගලයින් සහ නොවැදගත් පුද්ගලයින් ලෙස මේ කණ්ඩායම මගින් තීරණය කරනු ලබන හෝ පුද්ගලයින්ට කිනම් කාරණයක් උදෙසා හෝ අගමැතිවරයා හමුවීමට ඉඩක් නොලැබෙන බව තහවුරු කර සිටින ඔහු ඒ අනුව මිනිස්සු සිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ අයව අමතක කර ඇති බව යැයි ද මේ තත්ත්වය ඔහුට විශාල හානියක් යැයි ද පෙන්වා දෙයි.
මේ අතර අගමැති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය නිසා එදා සිටම ඉතා විශ්වාසවන්තව සහ රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව සිටී ආරක්ෂක නිලධාරීන් බොහොමයක් අතිශය කලකිරීමට පත්ව සිටින බවය.
සාගල රත්නායක සහ හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැරණිම ආරක්ෂකයින් සියලු දෙනා ඔහුගෙනුත් අරලිය ගහ මන්දිරයෙනුත් ඈත් කර ලං කර ගෙන සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයින් ලෙස අවුරුදු ගණනාවක් සේවය කළ අය බව ද,මේ අය එසේ කරන්නේ දර දිය ඇද්ද පරණ අයගෙන් පළි ගැනීමට බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළි කළේය.
අගමැති ආරක්ෂක අංශයේ 1200ක් පමණ වන නිලධාරීන්ගෙන් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් 275ක් පමණක් සිය තැපැල් ඡන්දය පාවිච්චි කිරීමෙන් උද්ගත වී තිබෙන තත්ත්වය මානව පැහැදිළි වන බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංස්කරණවාදීන් පවසනේ පක්ෂයට අත්ව ඇති ඉරණමට සාගල රත්නායක,මලික් සමර වික්‍රම,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා පමණක් නොව චරිත රත්වත්තේ සහ ආර් පස්කර්ලිංගම් ඇතුළු අගමැතිවරයාගේ අභ්‍යන්තර කවයේ (INNER CIRCLE) කවයේ බොහෝ පිරිසක් වග කිව යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතා, එම් ජී පී පණ්ඩිතරත්න මහතා සිය පක්ෂ ප්‍රතිසංස්කරණ වාර්තා මගින් එදා කළ නිර්දේශය පිළි ගෙන මේ අභ්‍යන්තර කවය විසුරුවා හැරියා නම් පක්ෂයටත් නායකයාටත් මේ ඉරණම අත් නොවන බවය.
එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (02) චෝදනා කර සිටියේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සහ කිසිදු ජන පදනමක් නොමැති දෙතුන් දෙනකු පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බවය.
මේ සුළු පිරිසේ ක්‍රියා කලාපයට එරහිව එක්සත් ජාතික පක්ෂයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් ඉල්ලා මේ වන විට මන්ත්‍රීවරුන් 50ක් පමණ සංවිධානය වී සිටින අතර බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් ඒ බව පැවසේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා මාධ්‍ය හමුවේ ඊයේ (02) සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ කිසිවකුත් නොසිතන එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීමට සුදානමින් සිටින බවය.
උද්ගත වී තිබෙන තත්ත්වය බරපතළ බැවින් චෝදනා එල්ල වී සිටින මේ සිව් දෙන ඇතුළු පිරිස ඈත් කරන්න යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීප පිරිසක් ඔහුගෙන් විශේෂ ඉල්ලීමක් ද කර ඇත.
සාගල රත්නායක,මලික් සමරවික්‍රම,හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ සහ සැන්ද්‍රා පෙරේරා පසු ගිය කාලයේදී ඇසුරු කළ පුද්ගලයින් ද ඒ අය සමග කළ ගනු දෙනු ද මේ කාලය ඇතුළතදී මේ අය උපාය ගෙන ඇති මුදල්වලින් මිලදී ගෙන ඇති දේපොළ ද පිළිබඳ තොරතුරු රැසක්“lankanewsweek” සතුව පවතින අතර ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී අපි රටට හෙළි කරන්නෙමු.
විශේෂයෙන් මේ කණ්ඩායමේ එක් අයෙකු කෝටිපති ව්‍යාපාරිකයකු සමග ගෙන යන විශේෂ ඇසුර පිළිබඳ ද “lankanewsweek” සතුව තොරතුරු තිබෙන අතර මේ පුද්ගලයා දේශපාලන වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන බව ද ඔහු කිසියම් දේශපාලන හස්තයක් මගින් මෙහෙය වන උපාය දූතයකු බව ද ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කර සිටියි.