අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ

කිරි වෙහෙර වැඳ පුදා ගනිමින් එජාප ප්‍රතිසංස්කරණවාදීහූ සටන අරඹති රටට-ජනතාවට-එජාපයට සෙත් පතා සර්වාගමික වැඩ සටහන් රැසක් සැබෑ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් රනිල්ට එරෙහිව පෙළ ගැසෙන්නැයි ඉල්ලති ආසන මට්ටමෙන්…

කිරි වෙහෙර වැඳ පුදා ගනිමින් එජාප ප්‍රතිසංස්කරණවාදීහූ සටන අරඹති

රටට-ජනතාවට-එජාපයට සෙත් පතා සර්වාගමික වැඩ සටහන් රැසක් 

සැබෑ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් රනිල්ට එරෙහිව පෙළ ගැසෙන්නැයි ඉල්ලති 

ආසන මට්ටමෙන් පාක්ෂිකයින් පෙළ ගස්සවයි 

ඉවසුවා ඇති..!

සුදු වතින් සැරසී බැති සිතින් පැමිණෙන්න..!

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ

(සුජිත් මංගල ද සිල්වා) 

සුවහසක් පාක්ෂිකයින් ඇතුළු ජනයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින පුළුල්, සාධාරණ සහ විජයග්‍රාහී ප්‍රතිසංවිධානය දිනා ගැනීමේ සටන සර්වාගමික ආශීර්වාදය මධ්‍යයේ 2021 නව වසරේ දී නව ජවයකින් යුතුව සටන්කාමී ලෙස ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානවාදීන් කටයුතු යොදා තිබේ.

එහි පළමු පියවර ලෙස රටට, ජනතාවට, එක්සත් ජාතික පක්ෂයට සහ සිය සටනට සෙත් පතා කතරගම ඓතිහාසික කිරි වෙහෙර මහා සෑ රදුන් හමුවේ අඟහරුවාදා (12) උදෑසන 9.00 ට යෙදී තිබෙන සුභ මොහොතින් මහා කප්රුක් පූජාවක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග යන මහත්වරුන් ප්‍රධාන ප්‍රතිසංස්කරණවාදීන් සැලසුම් කර ඇත.

දැන්වීම

ඊට සමගාමීව කතරගම මහා දේවාලයේ දී කතරගම දෙවියන් හමුවේ දේව කන්නලව්වක් සිදු කරමින් විශේෂ දේව පූජාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙන අතර මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් සිදු කරමින් එම ආගමික ආශීර්වාදය ද ලබා ගැනීමට නියමිතය.

මෙම සර්වාගමික වත් පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව සුවහසක් පාක්ෂිකයින් ඇතුළු ජනයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින පුළුල්, සාධාරණ සහ විජයග්‍රාහී ප්‍රතිසංවිධානය වහාම ලබා දෙන ලෙසට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බල කරමින් රට පුරා ආසන මට්ටමෙන් ජනයා පෙළ ගැස්සවීමට එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග යන මහත්වරුන් ප්‍රධාන ප්‍රතිසංස්කරණවාදීන් තීරණය කර ඇත.

සියලු දෙනාට පිළි ගත හැකි සැබෑ ප්‍රතිසංවිධානයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටින මෙම ප්‍රජාතන්ත්‍රවාදී, ජනතා වාදී සහ අවිහිංසා වාදී සටන් ව්‍යාපාරය සමග එකට ඒකරාශී වන්නැයි රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් ප්‍රධාන ප්‍රතිසංස්කරණවාදීහූ පාක්ෂිකයින් ඇතුළු ජනයාගෙන් ඉල්ලා සිටිති.    

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් දිනා ගැනීමේ සටන ඇරඹේ | Lanka Newsweek