අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ ප්‍රධාන තනතුරු සියල්ල වෙනස් වෙයි..!

එජාපයේ ප්‍රධාන තනතුරු සියල්ල වෙනස් වෙයි..!

මලික්ට-කබීර්ට තනතුරු අහිමි වන ලකුණු..? රනිල්ගේ අනු ප්‍රප්තිකයා නම් කරන ලෙස ඉල්ලයි..! රුවන් විජයවර්ධන වාර්තාව එළිදකියි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම…

මලික්ට-කබීර්ට තනතුරු අහිමි වන ලකුණු..?

රනිල්ගේ අනු ප්‍රප්තිකයා නම් කරන ලෙස ඉල්ලයි..!

රුවන් විජයවර්ධන වාර්තාව එළිදකියි

එජාපයේ ප්‍රධාන තනතුරු සියල්ල වෙනස් වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහා ලේකම් ඇතුළු සියලුම ප්‍රධාන තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය විය යුතු යැයි, එම පක්ෂයේ ප්‍රතිසංවිධානය කෙසේ සිදු විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මේ නිර්දේශ ඇතුළත් රුවන් විජයවර්ධන කමිටු වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේදී තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිත එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිල වශයෙන් භාර දීමට නියමිතය.

දැන්වීම

මේ වාර්තාවේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රධාන තනතුරු වහාම සංශෝධනය විය යුතු බව අවධාරණය කර සිටියත් ඒ තනතුරු සඳහා පත් කළ යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර නොතිබීමය.

එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවා ප්‍රකාශයට පත් කළ යුතු බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන කමිටුව එසේ කළොත් අනාගතයේදී පැහැදිලිව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව ඇති වන අවබෝධය නිසා  පාක්ෂිකයින් අතර තිබෙන සැක සංකා,අවිනිශ්චිතා සහ තර්ක විතර්ක පහව යනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියි.

සිංහල,මුස්ලිම් සහ දෙමළ ඇතුළු ඒ ඒ ජන වර්ග අනුව එක්සත් ජාතික පක්ෂය සිය පක්ෂයෙන්ම නායකයන් බිහි කළ යුතු යැයි පෙන්වා දෙන මේ කමිටුව පක්ෂය බෞද්ධ නායකයින් අලුතින්  බිහි කරමින් ඒ අයට වගකීම් පවරා ශක්තිමත් කර ඉදිරියට ගත යුතු යැයි ද යෝජනා කර සිටියි.

එමෙන්ම සියලුම මහා ජන නියෝජිතයින් වෙත පක්ෂයේ වගකීම් බෙදා දිය යුතු යැයි සඳහන් කරන රුවන් විජයවර්ධන කමිටුව එවිට සියලුම මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකම දේශපාලනික වශයෙන් පක්ෂය සමග  ක්‍රියාකාරී ලෙස බැදී  සිටිනු ඇතැයි ද වැඩි දුරටත් කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න