අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ පංච පුද්ගල කල්ලියට මහා සංඝ රත්නයේ ද දැඩි විරෝධය..!

එජාපයේ පංච පුද්ගල කල්ලියට මහා සංඝ රත්නයේ ද දැඩි විරෝධය..!

සාගලගේ රියදුරා ගෝඨාභයගේ ගෝලයෙක්ලු..? සභාපති-මහා ලේකම්-අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉවත් විය යුතුයි..! විකී සහ සැන්ද්‍රා ගැන පසු විපරමක් ඕනෑ (උපුල් බණ්ඩාර) අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල…

සාගලගේ රියදුරා ගෝඨාභයගේ ගෝලයෙක්ලු..?

සභාපති-මහා ලේකම්-අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉවත් විය යුතුයි..!

විකී සහ සැන්ද්‍රා ගැන පසු විපරමක් ඕනෑ

එජාපයේ පංච පුද්ගල කල්ලියට මහා සංඝ රත්නයේ ද දැඩි විරෝධය..!

(උපුල් බණ්ඩාර)

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ,විශේෂ සහයිකා සැන්ද්‍රා පෙරේරා,එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම සහ මහා ලේකම් කබීර් හෂීම් යන මහත්ම මහත්මීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ ද දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මේ අය එක්සත් ජාතික පක්ෂයෙන් සහ අරලිය ගහ මන්දිරයෙන් ඈත් කර ඒ අයගේ තනතුරු සඳහා ජනතා පදනමක් තිබෙන,ජනතාවගේ හද ගැස්ම හඳුනන,බෞද්ධ පදනමක්  සහ දේශපාලනය ගැන අවබෝධයක් තිබෙන පිරිසක් පත් කර ගන්න යැයි එක්සත් ජාතික පක්ෂයට හිතවත් ප්‍රබල භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂයට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ඉරණම අත්ව තිබෙන්නේ මේ පංච පුද්ගල කල්ලියේ ක්‍රියා කලාපය නිසා යැයි කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළහ.

කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ එහිදී මෙසේ ද කීහ.

“එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය ලෙස අප අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ මොහොත වන විටත් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටිනවා.මේ කණ්ඩායමේ ක්‍රියා කලාපය එතුමාටත් විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා.

මහා සංඝ රත්නය ලෙස අපට අවශ්‍ය වන්නේ සිංහල,දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලු ජනය එකට ඒකරාශී කළ හැකි සැබෑම සිංහල බෞද්ධ නායකයා වන රටත් ජනාවත් වෙනුවෙන් මේ ජනතා විරෝධී සහ කුමන්ත්‍රණකාරී කල්ලියෙන් ගලවා ගැනීමටයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව සැලසුම් සහගත ලෙස සිරකරුවකු බවට පත් කර ගනිමින්,එතුමගෙනුත් පක්ෂයෙනුත් ජනතාව ඈත් කරවා එතුමාගේ දේශපාලන විරුද්ධවාදීන් සමගත් සිය මඩිය තර කර ගැනීම සඳහා විවිධ කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් සමගත් ගනු දෙනු කරමින් මේ අය උත්සහ කරන්නේ 2020දීත් එතුමාට ජනපති වරම් අහිමි කිරීමටයි.

මේ කල්ලියට එරෙහිව අප සමග රට පුරා මහා සංඝ රත්නය ද එම මහා සංඝ රත්නයේ මඟ පෙන්වීම යටතේ විද්වතුන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් ද එකට ඒකරාශී වෙමින් සිටිනවා.මේ කල්ලියට මහා සංඝ රත්නය ලෙස අප තරයේ අවවාද කරමින් කියා සිටින්නේ තව දුරටත් එක්සත් ජාතික පක්ෂයත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් පාක්ෂිකයිනුත් විනාශ නොකර පැත්තකට වී සිටින ලෙසයි.බුදු දහමට අනුව මේ වගේ අය හඳුන්වන්නේ මිතුරු වෙසින් සිටින සංසාර ගත වෛරක්කාරයන් ලෙස වන අතර අප එම වෛරක්කාරයන් මානව හඳුනා ගත යුතුයි.

සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙනුත්,මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිකමෙනුත්,කබීර් හෂීම් මහතා මහා ලේකම්කමෙනුත් වහාම පහ  කර ඒ තනතුරු සඳහා මහා පොලවේ පය ගසා සිටින,ජනතාව පිළි ගන්නා,ජනතාවගේ හද ගැස්ම හඳුනන,දේශපාලනය ගැන දන්නා සහ ජනතා පදනමක් තිබෙන පිරිසක් පත් කළ යුතුයි.

මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක කියන්නේ මහින්ද රාජපක්ෂටත්,ගෝඨාභය රාජපක්ෂටත්,බැසිල් රාජපක්ෂටත් අවශ්‍ය ලෙස ක්‍රියා කරන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ සුරතලුන් බව පැහැදිලිව කිව යුතුයි.මේ කල්ලිය ඒ කණ්ඩායම සමග තිබෙන සබඳතා සහ කරමින් සිටින ගනු දෙනු  ඉදිරියේදී අප රටට හෙළි කරනවා.ඊට හොඳම උදාහරණය වන්නේ සාගල රත්නායක මහතාගේ රියදුරාත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගෝලයකු වීමයි.

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මේ රැඩිකල් සංශෝධන සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප සමග එකඟ වී සිටින අතර ඒ අනුව ඉදීරියෙදී ඉතා නැවුම් සහ ජනතාවට පිළිගත හැකි ජනතාවාදී පක්ෂ යාන්ත්‍රණයක් ඇති කෙරුණු නියතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම  ආයතන සඳහා නියෝජිතයින් තේරීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ආසන සංවිධායකවරුන්ගේ නිර්දේශ නොතකා සිය අභිමතය පරිදි කිසිදු ජනතා පදනමක් නොමැති සිය ගැත්තන් සහ ඉත්තන් තෝරා පත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරහිව රට පුරා ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් සිරිකොත මුලස්ථානය ඉදිපිටදී පසු ගියදා විරෝධතාවයක් ද පැවැත් වූ අතර මේ වන විට එම සංවිධායකවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වහාම පක්ෂයේ සභාපති ධූරයෙන් පහ කරන ලෙසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
එජාපයේ පංච පුද්ගල කල්ලියට මහා සංඝ රත්නයේ ද දැඩි විරෝධය..! | Lanka Newsweek