අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්‍රමණය කරයි

එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්‍රමණය කරයි

වසන්ත සේනානායක දැදිගමට මහා සෙනගක් ගෙන එයි පොහොට්ටුවේ-මාළිමාවේ පිරිසක් සජබයට එක් වෙති මෙතෙක් කල් මේ රටේ ප්‍රතිපත්ති සකස් කෙරුණේ මැති ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත්…

වසන්ත සේනානායක දැදිගමට මහා සෙනගක් ගෙන එයි 

පොහොට්ටුවේ-මාළිමාවේ පිරිසක් සජබයට එක් වෙති 

මෙතෙක් කල් මේ රටේ ප්‍රතිපත්ති සකස් කෙරුණේ මැති ඇමතිවරුන්ගේ, සංවිධායකවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ අනුදැනුම ඇතිව බවත් ඔවුන් අගනුවර වායුසමීකරණය කෙරුණු මාලිගාවල සිට ගම්වලට අදාළව ප්‍රතිපත්ති සකස් කළ බවත් එම ප්‍රතිපත්ති ඉහළින් පහළට ගලා ගෙන ආ නමුත් සමගි ජන බලවේගයේ සිය ප්‍රතිපත්ති සකස් කරන්නේ බිම් මට්ටමෙන්, ගම් මට්ටමෙන් සහ නගර මට්ටමෙන් පොදු ජනතාවගේ අදහස්වලින් පෝෂණය වෙමින් බවත් එම ප්‍රතිපත්ති පහළ සිට ඉහළට ගලා යන ක්‍රමවේදයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ මීමුනුපුරා වන වසන්ත සේනානායක මහතා විසින් සේනානායකලාගේ බල කොටුව වන දැදිගම ආසනයේ දී සංවිධානය කරනු ලැබූ ජන පවුර වැඩ සටහන අමතමින් වන අතර ඊට අති විශාල ජනකායක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් රැසක්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගනිමින් සමගි ජන බලවේගය හා එක්වීම ද දැක ගත හැකි විය.

දැන්වීම


ගෘහයේ කාන්තාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජීවනාලිය කරනවා


රට බංකොලොත් වී කඩා වැටී ඇති මොහොතක ජනතාවගේ ජීවනෝපායන් විනාශව වී ඇති මොහොතක නිවසට එන මුදල් කප්පාදු වී ඇති මොහොතක ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමේ හොඳම වැඩ පිළිවෙළ විමසා සිටින බවත් ඒ සඳහා යොදා ගත හැක්කේ ගෘහයේ සිටින කාන්තාව ගෘහයේ සිටින දූදරුවන්ගේ රැකවරණයට ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට සුදුසු පුහුණුවක් සහ දැනුමක් ලබා දීම මත කාන්තාවන් ආදායම් උත්පාදනය කිරීමේ සහ නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයට දායක කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

සෑම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගෙන කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කර ගෘහනියට අවශ්‍ය දැනුම සහ තාක්ෂණය ලබා දී ගෘහයේ ආර්ථිකය වැඩි දියුණු කර රටේ ආර්ථිකය සඳහා කාන්තාවගේ දායකත්වය ප්‍රවර්ධනය කිරිමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බවත් ඒ ඔස්සේ 33%ක් වූ ශ්‍රම බලකායේ දායකත්වය 45%කට වඩා වැඩි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටක් දියුණු වනවා නම් ශ්‍රම බලකාය සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ බැවින් කාන්තාව දැනුමින් සහ කුසලතාවෙන් සවි බල ගන්වා ඔවුන් ආර්ථික වර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

අලුත් පරපුර වෙනුවෙන් නව ව්‍යාපාර අවස්ථා මිලියනයක්

රට පුරා අලුත් පරපුරවල් ගොඩනැගෙමින් සිටින බවත් දැනුමින් බුද්ධියෙන් ඥානයෙන් යුත් යෞවන මධ්‍යම පංතියක් නිර්මාණය වන බවත් ඔවුන් දේශපාලනඥයන්ගේ රැකියා බැංකුවලින් රැකියා අපේක්ෂා නොකරන බවත් ඔවුන්ගේ එකම අපේක්ෂාව සමාජ ආර්ථික ප්‍රගතිය කියන ඉනිමගේ ඉහළටම යාම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම ව්‍යවසායකයන් බැවින් නව ව්‍යාපාර මිලියනයක් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ ඔස්සේ ආර්ථිකය වර්ධනය වී මුදල් සංසරණය වැඩි වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

රටේ දරුවෝ ඉහළට ඉගෙන ගන්නවට සමහර නායකයෝ ඊර්ෂියා කරනවා

නායකයෝ කියන සමහර අයගේ දූ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බවත් ඔවුන්ගේ දූ දරුවන් එසේ ගියත් රටේ ලක්ෂ 42ක් පාසල් දූදරුවන් යන්නේ රජයේ පාසල්වලට බවත් මෙම ලක්ෂ 42ක් වූ දූ දරුවන් නව තාක්ෂණයෙන් ඉගෙන ගන්නවාට සමහර නායකයෝ ඊර්ෂයා කරන නිසා සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතර යැයි කියා චෝදනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්‍රමණය කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපයේ නිර්මාතෘ ඩී එස්ගේ බළකොටුව සජබය ආක්‍රමණය කරයි | Lanka Newsweek