එජාපයේ ජය ස්ථිරයි..!

එජාපයේ නව මැතිවරණ ක්‍රමය නිසා පළාත් මැතිවරණය සාමකාමී වුණා (සුජිත් මංගල ද සිල්වා) පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා…
එජාපයේ නව මැතිවරණ ක්‍රමය නිසා පළාත් මැතිවරණය සාමකාමී වුණා
(සුජිත් මංගල ද සිල්වා)
පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බවත්, මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිෂන් සභාවට සහ සමස්ථ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලූ ඡන්ද දායකයින්ට තම ස්තූතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අද (10) දින කොළඹ, විශ්ව විද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එහිදී මාධ්‍යට අදහස් දක්වමිනි.
දැන්වීම
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
මේ මැතිවරණයේදී අපි අලූත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ අනුව මේ මැතිවරණ ව්‍යාපාරයම ඉතා සාමකාමීව පැවැත්වෙනවා. 2002 වසරේදී ද ඉතා සාමකාමීව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපට අවස්ථාව උදා වුණා. ඊටත් වඩා මේ මැතිවරණය සාමකාමී බව කිව යුතුයි.
මෙතෙක් ක්‍රියාත්මක වූ මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැති තරගකාරී හා ගැටුම්කාරී තත්ත්වයන් අප හඳුන්වා දුන් මෙම නව ඡන්ද ක්‍රමය තුළ දකින්නට නැහැ.
මෙවැනි සාමකාමී ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ අනුව අපි අපේක්‍ෂා කරනවා එක් පැත්තකින් එහි වාසියක් ද අපට ලැබෙනු ඇතැයි කියා.
මේ ඡන්ද ක්‍රමය යටතේ තමන්ගේ ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයෙක් පත් කර ගත හැකියි. එම නිසාම ග්‍රාමීය හා නාගරික මට්ටමෙන් ගෙන යන පාලනයට මේ තුළින් වගකීමක් ලැබෙනවා.
මේ නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර තම ප්‍රදේශයේ පවතින කටයුතු පිළිබඳව සුවහඳව සාකච්ඡා කිරීමට මේ තුළින් ඡන්ද දායකයින්ට අවස්ථාවක් උදාවී තිබෙන බව කිව යුතුයි.
අලූත් ක්‍රමය තුළින් කාන්තා නියෝජනය ද අප වැඩිකර දී තිබෙනවා. මෙතෙක් ක්‍රියාත්මක වූ 5% ක් වූ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළා.
රට තුළ මෙවැනි ස්වාධීන මැතිවරණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම ගැන මැතිවරණ කොමිෂන් සභාවට මා විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා. ඒ වගේම එම වැඩකටයුතුවල නියුතු සියලුම රාජ්‍ය නිලධාරීන්ට ද මගේ ස්තූතිය පළ කිරීමට කැමැතියි. එමෙන්ම සාමකාමීව ඡන්දයක් පැවැත්වීමට සහයෝගය දී සිය ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ඡන්දදායිකයින්ට ද මගේ ස්තූතිය පළ කර සිටිනවා.
මේ මැතිවරණයේදී කොළඹ නගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමි වන බව අපේ බලාපොරොත්තුවයි.