එජාපයේ චන්ද්‍රසිරි සුරියආරච්චි විදේශ රැකියා විකුණා කෝටි ගණනක් ගසා කාලා

පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹයි චන්ද්‍රසිරි සුරියආරච්චි සිය ජංගමය ක්‍රියා විරහිත කොට කොළඹට පලා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව සංවිධායක චන්ද්‍රසිරි සුරියආරච්චි මහතා,…
පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන අරඹයි
චන්ද්‍රසිරි සුරියආරච්චි සිය ජංගමය ක්‍රියා විරහිත කොට කොළඹට පලා ගිහින්
එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව සංවිධායක චන්ද්‍රසිරි සුරියආරච්චි මහතා, විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට , කොරියාවය සහ කැනඩාවට යවන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනය මෙසේ ආරම්භ කර තිබෙන්නේ, පොළොන්නරුව, මැදිරිගිරියේ පදිංචි එච්. ආර්. නිමල් චන්ද්‍රරත්න යන අය විසින් 2024/05/31 වෙනි දින පොළොන්නරුව දිස්ත්‍රික් වංචා විමර්ශන කොට්ඨාශය වෙත සිදු කර ඇති පැමිණිල්ලකට අනුවය.
ඊශ්‍රායලය සහ කොරියා රැකියා අයදුම්පතක් රුපියල් 150,000ත් ලක්ෂ දෙකක් අතර මුදලකට අලෙවි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හොත් විදේශගත වීම නවතා දමන බවටද චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා අදාළ පුද්ගලයින්ට තර්ජනය කර ඇතැයි ද කියති.
දැන්වීම
මෙසේ රැකියා සඳහා රජෙයන් නොමිලයේ ලබාදෙන අවස්ථාවන් මුදලට අලෙවි කරන මෙවැනි සංවිධායකවරුන් වහාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ යුතු බවත්, එවැනි ක්‍රියා නිසා එක්සත් ජාතික පක්ෂයත්, රජයත් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති වන බවත් පාක්ෂිකයෝ ප්‍රකාශ කර සිටිති.
චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා අවුරුදු පහකට වරක් සිය දේශපාලන පක්ෂය මාරු කරන අවස්ථාවාදි පුද්ගලෙයකු ලෙස ප්‍රකට චරිතයක් වන අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ හබරණ හන්දියෙන් එපිටට යෑමට නොහැකි වී තිබෙන නිසා ඔහු මේ වන විට සිය ජංගම දුරකථනය ද විසන්දි කර ගෙන කොළඹට පලා ගොස් ඇති බව ප්‍රදේශවාසිහූ පවසති.
කැනඩාවේ රැකියා සඳහා ඔවුන්ගෙන් ලක්ෂ පණහක මුදලක් අය කර ඔවුන්ගෙන්ම ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් පහසුකම් ලබා ගෙන චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා සතියක් ඔවුන්ගේ මුදලින්ම විනෝද සවාරි ගොස් එම පුද්ගලයින්ව කැනඩාවේ අතරමං කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් සතියකින් තවත් පිරිසක් සමග පැමිණෙන බවට පොරොන්දු වෙමිනි.
රජය රටේ තරුණ තරුණයන් ඊශ්‍රායලය සහ කොරියානු රැකියා සදහා නොමිලයේ යොමු කරන අතර මෙවැනි දූෂිත ක්‍රියා නිසා රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව අතර අප්‍රසාදයක් නිර්මාණය වීම සාධාරණ යැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය යයි මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියි.
මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පවසා සිටියේ, විදේශ රැකිය සදහා තරුණ තරුණියන් යොමු කිරීම රජය විසින් නොමිලයේ සිදු කරන නිසා මෙවැනි වංචනිකයින්ට හසු නොවිය යුතු බවය. සමහර වංචනිකයින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 දක්වා මුදලක් අය කරන බවට තොරතුරු ලැබී ඇතත් කිසිවකු ඒ සම්බන්ධයෙන් පැමිණිලිකර නොමැති බව පෙන්වා දෙන මනූෂ නානායක්කාර මහතා එවැනි වංචාකාරයින්ට එරෙහිව ළඟම ඇති පොලිසියට හෝ අමාත්‍යංශයට පැමිණිලි කරන ලෙස ජනතවගෙන් ඉල්ලා සිටියි.