අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ අවසන් තීරණය බදාදා

එජාපයේ අවසන් තීරණය බදාදා

එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බදාදා(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන්…

එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බදාදා(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව එහිදී අවසන් තිරණයක් ගැනීමට නියමිතව තිබෙන බවට වාර්තා වේ.

එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන්ද මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම සඳුදා(18) පස්වරුවේ රැස් වූ අතර එහිදි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබා දී ඇති බව සඳහන් වේ.

අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ සිදු කරන සාකච්ඡාවලින් අනතුරුව හෙට දිනයේ දි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් යළි රැස්වි අවසන් තීරණයකට පැමිණීමට නියමිත අතර නව තරුණ නායකත්වයක් යටතේ අලුත් සංවිධානයකින් ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපයේ අවසන් තීරණය බදාදා | Lanka Newsweek