එජාපයේ අලුත් ව්‍යවස්ථාවට මහා ජන අදහස්-යෝජනා ලබා ගනී

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මහ ජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මහ ජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණය අනුව මෙලෙස මහා ජන අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු කෙරේ.
අදාළ කමිටුවේ සභාපති ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා ද, කමිටු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරු ද කටයුතු කරති.
දැන්වීම
ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට, දිස්ත්‍රික් සභාපතිවරුන්ට, බලයලත් නියෝජිතයන්ට, පක්ෂයට අනුබද්ධ සංවිධානවල සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන අදහස් සහ යෝජනා 2023 මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත භාර දීමට පියවර ගන්නා ලෙස කමිටු ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා දැනුම් දී තිබේ.