එජාපයෙන් තනතුරු ගත් “පොහොට්ටු ආචාර්ය” එජාපයම නිරුවත් කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එජාප විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කුණුහරුපයෙන් බැන අපහස කරලා..! ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශකයාගේ පැටිකිරිය මෙන්න..! (හේමන්ත තුෂිත කුමාර) ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක තනතුරට එක්සත් ජාතික පක්ෂය පත් කළ…
එජාප විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කුණුහරුපයෙන් බැන අපහස කරලා..!
ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශකයාගේ පැටිකිරිය මෙන්න..!
(හේමන්ත තුෂිත කුමාර)
ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක තනතුරට එක්සත් ජාතික පක්ෂය පත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන ආචාර්ය ඊ ඒ වීරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසකට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේදී පරුෂ වචනයෙන් බැන වැදී අපහස කර තිබේ.
“මේ එක්සත් ජාතික පක්ෂයටයි..උන්ගේ පාක්ෂිකයින්ටයි කිසිම දෙයක් කර කියා ගන්න බැහැ.උඹලා ඉඳිද්දී ඒකනේ අපිටම තනතුරු දෙන්නේ..අපි හොඳ ශ්‍රී ලංකා කාරයෝ..පොදු ජන පෙරමුණු කාරයෝ..මහින්ද රාජපක්ෂගේ මිනිස්සු.අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්..අපිට ඕනෑ තරම් සම්බන්ධකම් තිබෙනවා” යනුවෙන් ඔහු කෑ මොර දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් ඉදිරියේ ඔහු එසේ කියා තිබෙන්නේ එම ආචාර්යවරුන්ට කිසිම තනතුරක් නොදුන් එක්සත් ජාතික පක්ෂය තමා ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක තනතුරට පත් කිරීමේ සිද්ධිය පෙන්වා එම ආචාර්යවරුන් අපහසුතාවයට සහ අපහාසයට පත් කිරීමේ අරමුනිණි.
ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක තනතුරට අමතරව එන්.එස්.බී.එම්.විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද කටයුතු කරන්නේ ආචාර්ය වීරසිංහ මහතාය.
ඊට අමතරව ආචාර්ය ඊ ඒ වීරසිංහ මහතා 2005.12.19 සිට මෑතක් වන තුරුම එන්.අයි.බී.එම්. ආයතනයේ ද අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අතර ඔහු එම කාලයේදී එම ආයතනයෙන් පමණක් නොව එම රාජකාරිය සඳහා තමා නිදහස් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ද අඛණ්ඩවම වැටුප් සහ තීරු බදු රහිත වාහන බලපත් ඇතුළු සියලු වරප්‍රසාද ලබා ගෙන තිබේ.
මේ වැනි රාජකාරියක් සඳහා යම් ආයතනයකින් නිදහස් වුණාම එසේ නිදහස් වූ ආයතනයෙන් අදාළ නිදහස් වූ කාලය සඳහා වැටුප් සහ දීමනා ඇතුළු වරප්‍රසාද ලබා ගැනීමට නිදහස් වූ පුද්ගලයාට නීතිමය හිමිකමක් නොමැත.
ආයතන සංග්‍රහය අනුව විශ්ව විද්‍යාලයකින් පූර්ණ කාලීන නිදහස්ව යම් ආචාර්යවරයකුට යම් ආයතනයක සේවය කළ හැක්කේ අවුරුදු දෙකක් පමණක් වන නමුත් ආචාර්ය ඊ ඒ වීරසිංහ මහතා 2005 සිට මේ දක්වාම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පූර්ණ කාලීනව නිදහස්ව වන අතර ඔහු ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක ලෙස පත් කර තිබෙන්නේ එවැනි පසුබිමක් තිබියදීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
