අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයි-නායකයායි හැමදාම පැරදුණේ හොඳ දෙවෙනියෙකු නොමැති නිසයි..!

එජාපයි-නායකයායි හැමදාම පැරදුණේ හොඳ දෙවෙනියෙකු නොමැති නිසයි..!

සජිත් ප්‍රේමදාස හැමදාම උත්සහ කළේ හොඳ දෙවෙනියෙක් වීමට නොව නායකයාට පිහියෙන් ඇණ පළමු වැනියා වීමටයි..! රනිල්ගෙන් සජිත් ඉල්ලන සාධාරණය රණසිංහ ප්‍රේමදාස “ලලිත්-ගාමිණී”ට ඉටු කළාද ..? එජාපයේ මැර සංස්කෘතියක්…

සජිත් ප්‍රේමදාස හැමදාම උත්සහ කළේ හොඳ දෙවෙනියෙක් වීමට නොව නායකයාට පිහියෙන් ඇණ පළමු වැනියා වීමටයි..!

රනිල්ගෙන් සජිත් ඉල්ලන සාධාරණය රණසිංහ ප්‍රේමදාස “ලලිත්-ගාමිණී”ට ඉටු කළාද ..?

එජාපයේ මැර සංස්කෘතියක් ඇති කර පක්ෂය විනාශ කළේ ආර්.ප්‍රේමදාස..!

දැන්වීම

තාත්තාට නායකත්වය දී කර ගත් විනාශය පුතාටත් දී කර ගන්නවා ද ..?

එජාපයි-නායකයායි හැමදාම පැරදුණේ හොඳ දෙවෙනියෙකු නොමැති නිසයි..!

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම උත්සහ කළේ හොඳ දෙවෙනියෙක් වීමට නොව නායකයාට පිටු පසින් ඇවිත් පිහියෙන් ඇණ පළමු වැනියා වීමට යැයි කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියෝ චෝදනා කරති.

මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට මහා ශාපයක් සහ හෙණයක් යැයි අවධාරණය කළ ඥානාලෝක නා හිමියෝ රණසිංහ ප්‍රේමදාස මහතාට නායකත්වය දී ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය කර ගත් වරද සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දී අනාගතයේදී යළි සිදු නොකර ගත යුතු යැයි ද පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ඥානාලෝක නා හිමියෝ මෙසේ ද පැවසූහ.

“අප කුඩා කාලයේ අප ඉල්ලපු ඉලපු දේ අපේ අම්මලා තාත්තලා අපට දුන්නා ද..? නැහැ..! ඒ වගේම බොහෝ දරු දැරියන් කුඩා කාලයේදී ඒ අය කියන දේ කරනවා ද..අහනවා ද .? ඒත් නැහැ..! අප අපේ අම්මලා තත්තතලා කියන දේ එදා හරි හැටි තෙරුන් ගෙන ඊට ඇහුම්කන් දුන්නා නම් අප අද අප කෙතරම් තත්ත්වයක සිටීවි ද..?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු සම්බන්ධ ප්‍රශ්නයත් ඒ වගේම තමයි.ජාතික මැතිවරණයක් ආසන්න වන සහ එමගින් එක්සත් ජාතික පක්ෂයට නියත ජයක් අත්වීමට යන සෑම අවස්ථාවකදීම සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට එරෙහි කැරැල්ලට දිය යටින් ගින්දර අවුළුවා පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති කරනවා.

මේ ක්‍රියාව ඉතා පිළිකුල් සහගත පහත් ක්‍රියාවක් වන අතර මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට ශාපයක් සහ හෙනයක් බව කිව යුතුයි.

මහින්ද රාජපක්ෂ කඳවුර 2005 ජනාධිපතිවරණයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට සල්ලි දී  වේළුපිල්ලේ ප්‍රභාකරන් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළා කියා අප කවුරුත් දන්නවා.

ඊට පසුව එතුමා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ මතයට හිස නමා 2010 දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහ 2010 දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ජනාධිපති අපේක්ෂකත්වය පරිත්‍යාග කළා.

එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් සහ ජාතික දේශපාලනයෙන් පහ කිරීම සඳහා “ඉන්දු-ඇමරිකානු” කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබෙනවා.

එවැනි පසුබිමක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් පන්නා ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය කොල්ල කෑමට සජිත් ප්‍රේමදාස මහතා එදා වගේම අදත් සුපුරුදු පරිදි දරන මේ උත්සාහයෙන් පැහැදිළි වන්නේ ඔහු නියෝජනය කරන්නේ “ඉන්දු-ඇමරිකාවේ”,එල්.ටී.ටී.ඊ සංවිධානයේ,මහින්ද රාජපක්ෂ කඳවුරේ සහ ඊළාම් වාදී ජාත්‍යන්තර ද්‍රවිඩ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණකරුවන් බවයි.

එක්සත් ජාතික පාක්ෂිකයින් බැදී  සිටින්නේ පුද්ගලයා වට නොව පක්ෂය වටා වන අතර පක්ෂයෙන් තොරව පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ඇතුළු මේ පක්ෂයේ කිසිවෙකුට ඡන්ද පදනමක් නොමැති බව අප තරයේ කියා සිටින්නේ ඒ නිසයි.

දක්ෂයාට එක්සත් ජාතික පක්ෂයේ ස්ථානයක් නොමැති අතර ඔහුට සාධාරණය ඉටු නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියනවා.එහෙම කියන සජිත් ප්‍රේමදාස මහතාගෙන් අප අහන්නේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාට නිසි තැන ලැබී ඔහුට සාධාරණය ඉටු නොවුණා ද කියායි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තමාට ඉටුවූ සාධාරණය ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන කෘත හස්ත සහ අසහාය නායකයින්ට ඉටු කිරීමට තරම් රණසිංහ ප්‍රේමදාස මහතා නිහතමානී වුණාද කියා මහා සංඝරත්නය ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් අප ප්‍රශ්න කර අතර ඔහු ඊට පිළිතුරු දිය යුතුයි.

ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂයට ඉරණම,හෙනය සහ විනාශය අත් වූයේ ගාමිණී දිසානායකලා සහ ලලිත් ඇතුලත්මුදලිලා ඇතුළු පතාක නායකයින් සිටියදී  රණසිංහ ප්‍රේමදාස මහතාට විශේෂ සාධාරණයක් ඉටු කළ නිසා බව එම දේශපාලන ඉතිහාසය දන්නා කවුරුත් දන්නවා.

ඉතිහාසයේ කළ ඒ වරද එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී නොකරනු ඇතැයි අප විශවාස කරනවා.රටක පාලකයින් සහ නායකයින් විය යුත්තේ බොහෝ ඇසූ පිරූ තැන් සහ දැන උගත්කම් ඇති තැන්පත්,නිරවුල් සහ සාමකාමී මානසිකත්වයකින් යුතු පරිණත ප්‍රභූවරුන් බව ලෝකප්‍රකට දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් කියා තිබෙන්නේ කට කහනවාට නොවෙයි.

නායකයායි ජනප්‍රියභාවයයි පටලාවා ගැනීම දේශපාලනයේදී අප ඉතිහාසයේ සිටම කරන වරදක් බව කිව යුතුයි.නායකයෙක්ට ජනප්‍රිය විය හැකි නමුත් ජනප්‍රියකම තිබුණා යැයි කියා එමගින් ඔහු නායකයෙකු බව ගම්‍ය වන්නේ නැහැ.

අතිශය වැදගත්,උගත්,බුද්ධිමත්,ප්‍රභූ,නිර්ප්‍රභූවූ,සාමාන්‍ය සහ අහිංසක ජනතාවගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට මැර සංස්කෘතිය හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි. පසු කාලීනව මහින්ද රාජපක්ෂ කඳවුර ඒ මැර සංස්කෘතිය වඩාත් වර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගියා.

එක්සත් ජාතික පක්ෂයට මැර දේශපාලන සංස්කෘතිය හඳුන්වා දුන් රණසිංහ ප්‍රේමදාස මහතා, මැරයින් යොදවා ජේ.ආර් ජයවර්ධන මහතාට බලපෑම් කර 1989 දී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත් විගස කළේ නිස්සංක විජේරත්න,ඊ.එල්.බී හුරුල්ලේ,රංජිත් අතපත්තු,ආනන්ද තිස්ස ද අල්විස් සහ පී.බී වේරපිටිය යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ වැදගත්,උගත්,බුද්ධිමත් ප්‍රභූන් සියල්ල එළවා දැමීමයි.

ඊට පසුව එක්සත් ජාතික පක්ෂයට,එහි පුරෝගාමී සහ වැදගත් නායකයින්ට අත් වූ ඉරණමත් මැර දේශපාලන සංස්කෘතිය මුළු රටම වෙලා ගත් ආකාරයත් මේ රටේ කවුරුත් දන්නා නිසා ඒ ගැන පුන පුනා කීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයි නායක රනිල් වික්‍රමසිංහ මහතායි හැමදාම පැරදුනේ පක්ෂයටත් ඔහුටත් හොඳ දෙවෙනියෙක් නොසිටී නිසයි.දේශපාලනය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකදීම යමෙකුට ප්‍රධානියා හෝ නායකයා හෝ පළමු වැනියා වීමට අවශ්‍ය නම් ඔහු මුලින්ම හොඳ දෙවෙනියෙක් විය යුතුයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේත්,පාක්ෂිකයගේත්,රනිල් වික්‍රමසිංහ මහතාගේත් අවාසනාවකට සජිත් ප්‍රේමදාස මහතා ඉතිහාසයේ සිට සෑම අවස්ථාවකදීම කළේ හොඳ දෙවෙනියෙක් වීමට අවංකව සහ නිහතමානීව උත්සහ දරමින් පක්ෂය සහ පාක්ෂිකයා ජයග්‍රහණය කරවනවා වෙනුවට නායකයාට පිටු පසින් පිහියෙන් ඇණ පළමු වැනියා වීමට මාන බැලීමයි.

දේශපාලන පක්ෂයකුත් තිබෙනවා නම් ඊට නායකයෙකුත් සිටිනවා නම් පාක්ෂිකයින් සහ ක්‍රියාකාරීන් කළ යුත්තේ සියලු දෙනාම එකට එකතු වී කළ යුත්තේ සිය පක්ෂය සහ නායකයා දිනවීම නොවේද..?

දේශපාලනයේදී ඉවසීම නොමැතිකම,කෙටි මාර්ග සෙවීම සහ අධි තක්සේරුව විශාල ප්‍රශ්නයක් බව කිව යුතුයි.ඉල්ලීම් හෝ බලපෑම කර හෝ ගැටුම් ඇති කර හෝ නායකයෙකු විය නොහැකියි.

රට දිනවන්න යැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා කැරළි ගැසීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ආසනය දින විය යුතුයි.මේ වන විට ශ්‍රී ලංකාවේ දුර්වලම ආසනය බවට  ඔහු නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය පත්ව තිබීමෙන්ම ඔහුගේ තරම පැහැදිළි වනවා.”   

එජාපයි-නායකයායි හැමදාම පැරදුණේ හොඳ දෙවෙනියෙකු නොමැති නිසයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
එජාපයි-නායකයායි හැමදාම පැරදුණේ හොඳ දෙවෙනියෙකු නොමැති නිසයි..! | Lanka Newsweek