අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයට දැනටම 121ක බහුතරයක්..!

එජාපයට දැනටම 121ක බහුතරයක්..!

අතයි පොහොට්ටුවයි අතහැර තවත් 12ක් පනින ලකුණු..? සම්බන්ධන්-හකීම්-රිෂාඩ් රනිල් එක්ක..! එජාප -ශ්‍රීලනිප "බහුතරය" චිත්‍රපටයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය එජාපයට..! (සුජිත් මංගල ද සිල්වා) රටේ ජාතික දේශපාලනය…

අතයි පොහොට්ටුවයි අතහැර තවත් 12ක් පනින ලකුණු..?

සම්බන්ධන්-හකීම්-රිෂාඩ් රනිල් එක්ක..!

එජාප -ශ්‍රීලනිප "බහුතරය" චිත්‍රපටයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය එජාපයට..!

එජාපයට දැනටම 121ක බහුතරයක්..!

(සුජිත් මංගල ද සිල්වා)

රටේ ජාතික  දේශපාලනය සහ පාර්ලිමේන්තුවේ උද්ගත වී තිබු අර්බුදකාරී තත්වය උඩු යටිකුරු කරමින් පාර්ලිමේන්තුවේ බහුතරය සහතික කර ගෙන රටත් පාර්ලිමේන්තුවත් ස්ථාවර කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත්ව සිටි.

කතානායකවරයා නොමැතිව එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසන 105ක් හිමිව තිබු අතර එම පෙරමුණ නියෝජනය කළ විජයදාස රාජපක්ෂ,දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත, වසන්ත සේනානායක, අතුරලියේ රතන,වඩුවේල් සුරේෂ් සහ ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට සහය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමත් සමග එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමිව තිබු ආසන සංඛ්‍යාව 98 දක්වා අඩු වී තිබිණ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනාගේද,   ශ්‍රී ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේද, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාගේද සහය ඇතිව එක්සත් ජාතික නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමිව තිබු මන්ත්‍රී සංඛ්‍යාව 95 සිට 107 දක්වා ඉහළ  ගොස් තිබිණ.

කෙසේ නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනාගේද ,ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනාගේද සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බවට මේ වනවිට නිල වශයෙන් එම නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වී තිබේ.

ඊට අමතරව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ මනුෂ නානායක්කාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණට එක් විය.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රාහුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් හත් දෙනෙක් සහිත  ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය ද රිෂාඩ් බද්‍යුදීන් මහතාගේ නායකත්වයෙන් ඉස්ලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද සිය පුර්ණ සහය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බවට නිල වශයෙන් සහතික වී තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේද,  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනාගේද,   සහය ඇතිව එක්සත් ජාතික පෙරමුණට මේ වනවිට පමණක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 121ක බහුතරයකගේ සහය හිමිව තිබේ.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ සිට එක්සත් ජාතික නිදහස් සන්ධානයට එක්  වූ මන්ත්‍රීවරුන් හත් දෙනාගෙන් කිහිප දෙනෙකුම යළිත් සිය පක්ෂයට එක්වීමට සුදානමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙක්ද  එක්සත් ජාතික පෙරමුණට එක්වීමට නියමිතව සිටිති.

එජාපයට දැනටම 121ක බහුතරයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපයට දැනටම 121ක බහුතරයක්..! | Lanka Newsweek