එජපෙ මන්ත්‍රීන් රැසක් ඉන්දියාව එක්ක රහස් කතා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉලක්කය ජනපතිවරණය-අපේක්ෂකයා කවුද..? (අසංග ළමාහේවා) ඉන්දීය මධ්‍යම රජයේ අනුදැනුම යටතේ එරට ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක් එකත් ජාතික පෙරමුණේ තෝරා ගත් මැති අමතිවවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක්…
ඉලක්කය ජනපතිවරණය-අපේක්ෂකයා කවුද..?
(අසංග ළමාහේවා)
ඉන්දීය මධ්‍යම රජයේ අනුදැනුම යටතේ එරට ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක් එකත් ජාතික පෙරමුණේ තෝරා ගත් මැති අමතිවවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග විශේෂ සහ රහස් ගනුදෙනුවක යෙදී සිටින්නේ යැයි ඉන්දියාව සමග සමීපව කටයුතු කරන ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයකු ද වන ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිතයක් “lankanewsweek” වෙත හෙළි කළේය.
මේ සාකච්ඡා සිදු කෙරෙන්නේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන වන අතර ජය ගත හැකි අපේක්ෂකයකු යටතේ යහ පාලන පෙරමුණ ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කෙසේ ද ඊට තිබෙන අභියෝග සහ අවශ්‍යතා කවරේ ද යන්න පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
මාසයකට දෙතුන් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන මේ ඉන්දීය නියෝජිත පිරිස එක්සත් ජාතික පෙරමුණේ මෙම දේශපාලඥයින් සමග සාකච්ඡා කරන්නේ පොදුවේ එකට එක්ව නොව මුහුණට මුහුණ පෞද්ගලිකවමය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන වාතාවරණය පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව සිටින ඉන්දීය රජය 2019 ශ්‍රී ලංකාවට දේශපාලන වශයෙන් තීරණාත්මක අවුරුද්දක් වනු ඇති නිසා එම වර්ෂයේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුත් ඉන්දීය මහ කොමසාරිස්වරයකු පවා පත් කර එවීමට ඉඩ තිබේ.
“රෝ” ඔත්තු සේවය මගින් ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු විශේෂ සමීක්ෂණයක් හරහා ඉන්දියාව මෙරට දේශපාලන නායකයින් පිළිබඳව පුළුල් තක්සේරුවක් මේ වන විටත් ලබා ගෙන තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1