අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක්

එක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක්

ප්‍රධානියා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපතිගේ තීරණයක් රටේ නීතියේ ආධිපත්‍ය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් "එක රටක්-එක නීතියක්" සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීමට ජනාධිපති…

ප්‍රධානියා ගලගොඩඅත්තේ ඥානසාර හිමි 

ජනපතිගේ තීරණයක්  


රටේ නීතියේ ආධිපත්‍ය, සාධාරණත්වය සහ සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් "එක රටක්-එක නීතියක්" සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ජාතික බොදු බලසේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කරනු ලැබ තිබෙන එම ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව දහ තුනක් වේ. 

මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබෙන ප‍්‍රධාන වගකීම වන්නේ රට අභ්‍යන්තරයේ "එක රටක්-එක නීතියක්" යන සංකල්පය කි‍්‍රයාත්මක කිරීම පිළිබදව අධ්‍යයනය කිරීම සහ ඒ සදහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමය. 

දැන්වීම

ඊට අමතරව "එක රටක්-එක නීතියක්" යන සංකල්පයට අදාළව  මේ වන විට සකස් කොට තිබෙන පනත් කෙටුම්පත් පිළිබදව අධ්‍යයනය කරමින් ඊට සංශෝධන ඉදිරිපත් කරන අතර, 2022 වසරේ පෙබරවාරි මස 28 වැනිදාට පෙර මේ සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් කිරීම ද එම ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ වගකීමක් වේ.

එක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එක රටක්-එක නීතියක් වෙනුවෙන් ජනපති කාර්ය සාධක බලකායක් | Lanka Newsweek