එක දවසින් සිංහරාජ අඩවියේ දිය ඇලි 7ක් බලන්න යමුද..?

මුලින්ම කියන්න ඕනේ මේ දිය ඇලි තියෙන්නේ ලංකාවේ හදවත බදු සිංරාජ වනෝද්‍යානයේ. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති අයට පමණක් මෙහි යන්න. ඒ වගේම අනවසරයෙන් හෝ මග පෙන්වන්නෙක් නැතුව මේ ගමන යන්නත් බෑ.…
මුලින්ම කියන්න ඕනේ මේ දිය ඇලි තියෙන්නේ ලංකාවේ හදවත බදු සිංරාජ වනෝද්‍යානයේ. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති අයට පමණක් මෙහි යන්න. ඒ වගේම අනවසරයෙන් හෝ මග පෙන්වන්නෙක් නැතුව මේ ගමන යන්නත් බෑ.
ඔයාලා දන්න විදිහට සිංහරාජයට ඇතුල් වෙන්න ප්‍රධාන පිවිසුම් මාර්ග හතරක් තියෙනවා.
ඒ තමයි,
දැන්වීම
1. දෙනියාය - පල්ලේගම මාර්ගය
2. කලවාන - වැද්දාගල මාර්ගය
3. රක්වාන - මෝනිං සයිඩ් මාර්ගය
4. හිනිදුම - නෙලුව මාර්ගය
මේ දිය ඇලි 7 බලන්න නම් ඔයාලා දෙනියාය - පල්ලේගම මාර්ගයේ ගියොත් ගොඩක් ලේසියි ඒ කියන්නේ ලංකාගම පිවිසුමෙන්.
මේ පිවිසුමට යන අතර වාරයේ ඔයාලට සත්මාල ඇල්ල බලන්න පුලුවන්, ඒ තමයි මේ ගමනේ පලවෙනි දිය ඇල්ල.
අනෙක් දිය ඇලි 6 බලන්න නම් ලංකාගම පිවිසුමෙන් ඇතුල් වෙන්නම ඕනේ. මේ සදහා ටිකට් පත් මිලදී ගත යුතු අතර මග පෙන්වන්නගේ සහය ලබා ගත හැක.
වනෝද්‍යානය ඇතුලෙදි ඔයාලට බලන්න පුලුවන් දිය ඇලි,
1.බ්‍රාහ්මණ ඇල්ල
2.නුගදෙක ඇල්ල
3.දූවිලි ඇල්ල
4.තට්ටු ඇල්ල
5.ඌරන් වැටුනු ඇල්ල
6.ගල් ඔරුව ඇල්ල
මේ ලස්සන නම් ඇස් වලින් දකින්නම ඕනේ, ඔයාලත් දවසක ගිහින් බලන්න.


